කවියකු/ කිවිඳියක යනු නිරන්තරයෙන් ම භාෂාවේ පවතින ව්‍යංජනා ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට දක්ෂතා දක්වන පුද්ගලයෙක්. කවියා/කිවිඳිය තමන් භාවිතයට ගන්නා සෑම වචනයක ම පවතින වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංග්‍යාර්ථ මතුකර ගැනීමට උත්සහ දරනවා.
ඒ වගේ ම ව්‍යංගාර්ථ බවින් පරිපුර්ණ වුණ භාෂාවක් භාෂාවක් භාවිත කළ පමණින් ම කවියක් චමත්කාර ජනක වෙන්නෙ නැහැ. එතනදි පද සංඝටනයත් ඉතා ම වැදගත්.
මම විශ්වාස කරන්නෙ කවියකු ගේ/ කිවිඳියක ගේ විශේෂත්වය රඳා පවතින්නේ ඔහු/ඇය සතුව පවතින වාග් කෝෂයෙහි විශාලත්වය මත නෙවෙයි කියලයි. අන්න එතනදි තමයි මම යට සඳහන් කරපු වචන සංඝටනය වඩා වැදගත් වෙන්නෙ. මොකද අපි දන්නවා කවියා/ කිවිඳිය යොදා ගන්නේ සමාජයේ ම පවතින භාෂාව. නමුත් විශේෂත්වය වෙන්නෙ කවියා/ කිවිඳිය ඒ භාෂාව විශේෂ ආකාරයට ගොනු කරන එකයි.
මොන තරම් භාෂා ප්‍රවීණත්වයක් තිබුණත්, තමන් ගේ වාග් කෝෂය මොන තරම් පොහොසත් වුණත් යට කියපු විදියට තමන් සතුව පවතින භාෂා ශක්‍යතාව පිළිවෙළට ගොනු කරගන්න අපොහොසත් නම් ඔහු/ඇය පබඳින කවි සාර්ථක වෙන්නෙ නැහැ.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ මෙන්න මේ යට සඳහන් කරපු ආකාරයට තමන් දන්නා භාෂාව කවියට සුදුසු විදියට ගොනු කරන්න හැකියාව පවතින කිවිඳියක්.
(සටහන – ජයසිරි අලවත්ත)



