මම මලක් නොවේ…

0
104

මම මලක් නොවේ…
රොන් රසම ඉල්ලන බඹරුන්ට…
මම විලක් නොවේ…
දිය රකුසන් හට දිය දෙන්ට…
මම සඳක් නොවේ…
කවි ලියාගන්න බැරි කවියන්ට…
මම ලඳක් නොවේ…
ගලක් වගේ රළු පිරිමින්ට…
සඳට හොරා… සඳ දිය ඉල්ලා…
තටු සිඳී බිඳී ගොස් මාරුතයේ…
බඹර හඩට රැවටී ඉකිබිඳ හැඬුවාට…
මම ලඳක් නොවේ…
ගලක් වගේ රළු පිරිමින්ට…
පිපෙනා කුසුමක පෙති තලා දමා….
වල්මත් කරදා ඝන අඳුරේ…
මහතුනි කල පවු පිරුවටයෙන් වැසුවාට…
මම මලක් නොවේ..
මම විලක් නොවේ…
මම සඳක් නොවේ…
මම ලඳක් නොවේ…
ගලක් වගේ රළු පිරිමින්ට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here