යොවුන් වියෙහි දී දැඩි ආදරයෙන් බැඳෙන යුවළක් විවාහ වීමෙන් ඉක්බිති ව ද එකී බැඳීම ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන්නේ ද යන්න යළි යළිත් විමසා බැලිය යුතු කරුණකි.
එනම් අප දන්නා බොහෝ අඹු සැමියන් ඔවුන්ගේ භද්‍ර යෞවනයේ ඔවුනොවුන් අතර පැවති බැඳීම මැදි වියේ දී ද ඒ ආකාරයෙන් ම පවත්ගෙන යන්නේ නම් ඒ ඉතා කලාතුරකින් වන බැවිනි.
මෙම ක්‍රියාවලිය සිග්මන් ෆ්‍රොයිඩ් ද වෙනස් ආකාරයකින් විග්‍රහ කර ඇත. ඔහු පවසන්නේ ඕනෑම කාන්තාවක සහ පුරුෂයකු අතර පවත්නා අන්‍යෝන්‍ය සබඳතාව, එනම්: ආදරය, ලිංගික ආකර්ෂණය, එකිනෙකා කෙරෙහි පවත්නා සහ සම්බන්ධතාව උපරිමයෙන් පවත්වාගත හැකිවන්නේ තෙවසරක් පමණ කාලයක් පමණක් බව යි. ඉක්බිති ඔවුනොවුන්ගේ පෙර පැවති සියලු සබඳතා යළි නැවුම් කරගත හැකි වන ක්‍රම දෙකක් ඔහු යෝජනා කරයි.
පළමු වැන්න දෙදෙනා මඳ කාලයකට හෝ වෙන්ව සිට යළි එක්වීම ය;

දෙවැන්න දෙනෙනා ම අනෙකකු සමග තම තමන්ගේ අවශ්‍යතා හුවමාරු කර ගැනීම ය.
පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) සහ මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය නදී පීරිස් (MBBS, Msc, phd) දෙපළ මෙම කාරණය ම වඩාත් පහසුවෙන් වටහාගත හැකි ආකාරයට ඉදිරිපත් කරන විඩියෝවක් දැන් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී.
මතු පළ වන්නේ ඒම වීඩියෝව යි.
මේ වන විට: මැදිවියට ආසන්න, මැදිවියේ පසුවන සහ මැදිවිය ඉක්ම වු ඕනෑම අඹු සැමි යුවළක් මෙම විඩියෝව නැරඹිය යුතු ය යන්න මගේ පුද්ගලික අදහස ය.
(සටහන – ජයසිරි අලවත්ත)