Yureni Noshika : මම මගේ කර්මය ගෙවමින් ඉන්නවා (වීඩියෝ)

0
49

රුව ඇති දුවයි කට ඇති පුතයි පවුලකට ඉන්නවනම් ඒ පුවල වාසනාවන්තයි කියලා තමයි පැරණි සමාජය කිව්වෙ.

ඒ වගේම ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලත් ව්‍යවහාරයේ තිබුනා. නමුත් වර්තමාන සමාජයේ මේ කියමන් වලංගුද කියන ප්‍රශ්නය පැණ නැගෙනවා… ඒ, වර්තමාන සමාජයේ බොහෝ තරුණ අය තුළ විවිධ ශක්‍යතා ඇති නිසා.

යුරේණි නොෂිකාත් ශූර කථිකත්වයක් ඇති වගේම රූමත්. ඒ වගේම ඇය විවිධ ක්‍රියාකාරකම්වලට නිපුනතාවක් දක්‍ෂතාවක් තිබෙන කෙනෙක්. බොහෝ දේ සහජ උරුමයන්.

මේ දිනවල විකාශය වන රීකන්ඩිෂන් කෙල්ල ටෙලිවිෂන් නාට්‍යයේ දනූ ගේ චරිතය තුළින් සිය කුශලතා දක්වමින් සිටින යුරේණි 2025 වසරේ සිය පළමු සාකච්ජාව සිදු කරණු ලැබුවේ MirrorArts Youtube නාලිකාව සමග.

MirrorArts- 
යුරේණි කැලැන්ඩරේ වෙනස් වෙලා අලුත් දවස් 365ක් අභියස ඔයාගේ plans මොනවද ?


Youreni- 
අපි හැමෝම කාලය සමග පරිණත වෙනවිට මම මීට අවුරුදු දෙකක සිට වගේ විශ්වයට කියනවා මට දේවල් අතහරින්න උගන්නන්න කියලා.

MirrorArts-
මොනවගේ හැගීමක්ද තියෙන්නේ පසුගිය කාලය ගෙවිලා  ගිය දිහා ආපහු හැරිලා බලනකොට.


Yureni 

ඉතිං මගේ පුහුණුවීම්වල මම ඉගෙන ගන්න දෙයක් තමයි අපි කරපු දේවල් කර්මය … අපි සංසාරේ මොනවා කරලා තියෙනවද දන්නෙ නැහැනේ…හොඳ වගේම නරක කරලා ඇතිනේ. ඉතිං emotionally Drained වෙනකොට මම හිතහදාගන්නේ මේ මගේ Cleansing මේ මගේ කර්මය මොකක් හරි මං කරපු දේවල ගෙවිලා යන කාලය කියලා.

2024 මම දකින්නේ මගේ Career එක මගේ ආර්ථිකය ඉහළ නැංවෙනකොට ඒ හා සමානව මගේ අකුසල් ගෙවුනා කියලා. ඒක හොඳයි.

MirrorArts- 
ඒක හොඳයිනේ. මොකද ඒක දරාගන්න පුලුවන් වයසක දරාගන්න පුලුවන් මොහොතක අවබෝධයක් තියෙන කාලෙක අපිට ජීවිතයෙ හයිය ඇතිකරගන්න පුලුවන් කාලෙක එහෙම දේවල වෙන එක හොඳයි ….


Yureni –
ඒ ඔක්කොමත් එක්ක තමා මම ටික ටික දේවල් 2025 අත අරින්න පුරුදු වෙනවා.  එතකොටජීවිතේට ඇලී ගැලී නැතුව තව සැහැල්ලුවක් ජීවිතේට දැනෙනවා.

යුරේණි සමග කරන ලද සම්පූර්ණ සාකච්ජාව මතු දැක්වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here