හිරණ්‍යා පෙරේරා : නෙළුම් කුළුණ නිෂ්පාදකවරිය ඇයයි

0
140

අප මිට පෙර නෙළුම් කුළුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉලන්ගෝ රාම් ගැන කතා කරා, මේ කියන්න හදන්නේ, ඔහුගේ ආදරබර බිරිද වුණු, නෙළුම් කුළුණ චිත්‍රපටයේ නිෂ්පාදකවරිය ගැනයි.

ඇය හිරණ්‍යා පෙරේරා,

හිරණ්‍යා පෙරේරා ශ්‍රී ලාංකීය චිත්‍රපට නිෂ්පාදකවරියක් වන අතර Silent Frames Productionsහි සම – අධ්‍යක්ෂකවරියයි. ඇය Chartered Institute of Marketing (CIM) – UK, Chartered Institute of Management Accountants (CIMA) – UK සහ මලේසියාවේ ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය (Entrepreneurship and Innovation) පිළිබඳ පශ්චාත් උපාධිය (Msc) ලබා ඇති අයෙකි.

ඇයගේ ප්‍රථම දිගු චිත්‍රපටය “නෙලුම් කුලුන ” (Tentigo) තලින් බ්ලැක් නයිට්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජුරියේ විශේෂ සම්මානය දිනාගෙන විදේශයකදී නැවත නිර්මාණය කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකීය චිත්‍රපටය බවට පත් විය. මේ වන විට එය ඉන්දියාවේ (දමිළ, තෙළිඟු සහ හින්දි), ස්තඤ්ඤයේ ඉතාලියේ සහ ඇමරිකාවේ නැවත නිර්මාණ සඳහා තහවුරු වී ඇති අතර, ප්‍රංශය සහ බෙල්ජියම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතී.

හිරණ්‍යාගේ දිගු චිත්‍රපට (feature film projects) Film Bazaar Co-Production Market, Asian Project Market (Busan), සහ Clinik Kathmandu – Doc Skool වැනි ජාත්‍යන්තර ප්‍රවීණ වෙළදපොලවලට (International film markets) තේරී පත් වී ඇත.

එමෙන්ම ඇය Film Bazaar Producers Workshop සදහා තේරීපත්වූ අතර Busan Asian Film School (AFIS) – International Film Business Academy හි ඉගෙනුම ලබා තිබේ. තවද ඇය Produire Au Sud (Nantes) වැඩමුළුැව සහ Asian Producers Network (Singapore) සඳහාද තේරී පත් විය.

ඇය නිෂ්පාදනය කළ “Silent Tears” කෙටි චිත්‍රපටය 27 ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල තේරී 19 සම්මාන දිනාගෙන Locarno Open Doors හිද ප්‍රදර්ශනය කරන ලදී. හිරණ්‍යා ඉන්දියාව. බංග්ලාදේශය සහ දකුණු කොරියාව යන රටවල චිත්‍රපට නිෂ්පාදනය සම්බන්ධ විවාද මණ්ඩප (film panel discussions) ක්‍රියාකාරී ලෙස සහභාහි වී ඇත.

ඇයට 2023 වසරේ Top 50 Global Professional & Career Women Award සම්මානය හිමි විය. චිත්‍රපට කර්මාන්තයට පිවිසීමට පෙර, ඇය MTV Channel සහ Sirasa TV හි රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදකවරියක් සහ රූපවාහිනී වාණිජ දැන්වීම් අධ්‍යක්ෂ වරියක් ලෙස කටයුතු කළාය.

උපුටා ගැනීම : හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව ෆේස්බුක් පිටුවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here