මේ අපේ ගෙදර කතාව දුලීකා හැගීම්බර වෙයි

0
4

දුලීකා මාරපන රංගනයෙන් දායක වන නවතම සිනමා නිර්මාණය “චන්දරේගෙ වයිෆ්” පිළිබඳව ඇය මංගල දර්ශනයේදී සංවේදී අදහස් රැසක් පළ කළාය.

ඇය සඳහන් කළේ ප්‍රසන්න ජයකොඩි සමඟ තමන්ට දිගුකාලීන සමීප සම්බන්ධතාවයක් ඇති බවත්, කලා ක්ෂේත්‍රයට තමන්ව හඳුන්වා දුන්නේද ඔහු බවත්ය. “චන්දරේගෙ වයිෆ්” තමන්ට විශේෂ රසයක්, වෙනස්ම රූපරාමු සහ අලුත්ම සිනමා හැඟීමක් ගෙනෙන නිර්මාණයක් ලෙස ඇය විස්තර කළාය.

එමෙන්ම ප්‍රසන්න ජයකොඩිගේ පෙර සිනමාපටවලට වඩා මෙය වෙනස් නිර්මාණයක් වුවද, එහි ඇතුළත ඔහුගේ සුවිශේෂී සිනමා භාෂාව තවමත් ජීවත් වන බව දුලීකා මාරපන ප්‍රකාශ කළාය. ඇයගේ අදහස වූයේ මේ චිත්‍රපටය තුළ මේ සමාජයේ ජීවත් වන අම්මාවරුන්ගේ ජීවිත, ඔවුන්ගේ අරගල සහ ගැහැණු බවේ වේදනාව ඉතා සංවේදීව නිරූපණය වන බවයි.

“මේ ඔබේ කතාව, මේ මගේ කතාව, මේ අපේ ගෙදර කතාව” යැයි සඳහන් කළ ඇය, රටේ සියලු කාන්තාවන්ට මෙම සිනමාපටය නැරඹීමට ආරාධනා කළාය.

ඇය තවදුරටත් කියා සිටියේ, චිත්‍රපටයේ එක් එක් චරිතය, රූපරාමුව, සංගීත ඛණ්ඩය සහ සුළු හඬක් පවා ප්‍රේක්ෂකයාට ගැඹුරින් දැනෙන බවයි. “අහක දාන්න එක බුලත් නැට්ටක්වත් නැහැ” යනුවෙන් ඇය පැවසුවේ, නිර්මාණයේ සෑම අංගයක්ම අර්ථවත් බව පෙන්වා දෙමින්ය.

“චන්දරේගෙ වයිෆ්” හරහා තවත් ලස්සන කතාබහක් සමාජය තුළ ගොඩනැගීමට හැකිවේවායි දුලීකා මාරපන සිය අවසන් ආරාධනය එක් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here