Yureni Noshika ගැන නොදන්නා කතාවක් දෙකක්

0
23

මේ සටහන මම අඳුරන මල්ලි කෙනෙක් share කළාම මට සටහනක් තියන්න හිතුණා. ස්තූති ඔයාලට තාමත් මගෙ අතීතයේ ලංකාවේ නම බබළවන්න කරපු වැඩ මතක තිබ්බට.

මම mediaවලට කියපු නැති ගොඩාක් projects තිබුණා. Ladys Vs Ricky Bahl film එකේ Parineeti Chopra ගේ role එකට මම audition කළා. ඒ තමයි Ranveer Singh Anushka Sharma ගේ දෙවෙනි film එක. Yash Raj label එක යටතේ සහ Parineeti field එකට එන්නේ ඒ film එකෙන්.

ඊට පස්සෙ මාව select වෙනවා UNGLI කියලා Emraan Hashmi ප්‍රධාන චරිතය කරන film එකේ Item song එකක් කරන්න. ඒකෙ සියල්ල confirm වෙලා තියෙද්දි Shraddah Kapoor ව තෝරගන්නවා. ඒ තමයි 2010 Shraddha ගේ Bollywoodවල ආරම්භය.

ඊට අමතරව මට B grade C Grade ෆිල්ම් මට ආවත් එවා මම ප්‍රතික්ෂේප කළේ මට ඒ projects කරලා හොඳ ස්ථාවර ගමනක් යන්න බැරි නිසයි.

දැන් West side එකට එමු . Justin Lin Bruce lee ගේ දුවත් එක්ක එකතුවෙලා කරපු ‘Warrior’ TV Series එකේ Season තුනේ ප්‍රධාන character එහෙකට මම audition කළා. Justin Lin කියන්නේ Fast & Furious 3&5, Star Trek Beyond කරපු Director. මේ Audition එක මට ආවම මට මෙහෙන් මේක professional විදිහට film කරලා යවන්න උදවු කළ මහේෂ් මුණසිංහ අපේ ආදරණීය චිත්‍රපට Director ව මම මේ වෙලාවෙ මතක් කරනවා.

ඊට පස්සේ මට එනවා Bridgerton TV series එකේ Audition එකක්. මොකද එයාලා ප්‍රධාන චරිතයට South Asian girl කෙනෙක් හෙව්වා. එ Audition එක කරල යවන්න මට උදවු කළේ අපේ 360 production house එකේ මගේ ආදරණීය මිත්‍රයෙක් වුණ සමින්ද. ඒකෙන්නම් Select වුනේ නැහැ .

මේ දේවල් මෙහෙම බෙදාගන්න හිතුණේ මම මේ රටේ සිනමාව මේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න දරපු පුංචි උත්සහය ඔයාල දැනගන්නවනම් හොඳයි කියලා හිතපු නිසා. නැතුව පම්පෝරියකට නෙමෙයි. මේ දේවල් වෙලා දැන් ගොඩාක් කල්.

පොඩි දුකකට තියෙන්නේ මේ රටේ මට අවස්ථා ලැබුණෙ නැති තරම්. මට ලැබුණු සියලු චරිතවලට මම උපරිම සාධාරණයක් කළා කියලා මම හිතනවා සහ මේ රටේ ප්‍රේක්ෂකයන් ආදරයෙන් ඒ නිර්මාණ වැලඳගත්තා . ඒ ආදරයට ස්තූතියි…! මම නිර්මාණ කළත් නැතත් මට හදවතින්ම සුභ පතන මේ රටේ සියලු ප්‍රෙක්ෂයින්ට ආදරෙයි.

ඒ ඒක්ක ම මේ සටහනට ඌනපූරණයක් විදියට Yureni Noshika මෙබඳු සටනක් තියන්න පාදක වුණ සටහනත් ඇතුළත් කළා.

මීට සුළු මොහොතකට කලින් දැක්ක ඔය තුන්වෙනියට තියෙන පොටෝ එක යුරේනි ෆේස්බුක් එකට දාල තියෙනවා ඉන්දියාවේ ගියා කියලා මොකක් හරි මනාලියන් දැක්මක් සඳහා. මට හරියට එක කියවගන්න වුණේ නෑ. මට ඔය පොටෝ එක ඇහැ ගැහුණු නිසා ඒක අරන් නිකන් හිටියා. මට නිකමට මතක් වුණේ මීට අවුරුදු 13 විතර කලින් යුරේනී බොලිවුඩයේ සරාගිම නළුවෙක් ලෙස හැඳින්වු ජෝන් ඒබ්‍රහම් සහ අහිංසකම ආදරවන්තිය වූ අම්රිතා රාඕ එක්ක Philips රේසර් ඇඩ් එකක් කරනවා ඉන්දියාවේ. ඔය පළවෙනි පින්තුරේ තියෙන්නේ එකේ රූපගත කිරිම් කරනකොට ගත්ත පින්තුරයක්. කහපාට ගවුමක් ඇදගෙන ඉන්නේ අම්රිතා රාඕ; එතන ජෝනුත් ඉන්නවා.

ජොන්, යුරේනි, අම්රිතා කරපු ඇඩ් එක දැකපු නැති අයට පහත විදියෝවෙන් බලන්න පුළුවන්.බොහොම අමාරුවෙන් හොයාගත්තේ.

සටහන© Sushmi Mihara Premachandra

Yureni Noshika මෑතකදී Mirror Arts නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ජාවක් මතු පළවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here