දරුඵල සිහිනය සැබෑ කරන ශුක්‍රාණු බැංකුව

0
80

දරුඵල අහිමිවූවන්ට එම සිහිනය සඵල කරගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් නව ඒකකයක් පිහිටුවීමට කාසල් වීදියේ කාන්තා රෝහල පියවර ගෙන තිබේ.

මෙම ඒකකය හඳුන්වන්නේ “ශුක්‍රාණු බැංකුව” ලෙසය.

දරු ප්‍රසූතිය මෙන්ම සියලු කාන්තා රෝග වෙනුවෙන් දෛනිකව දහස් ගණනකට ප්‍රතිකාර සිදුකරන කාසල් වීදියේ කාන්තා රෝහල මෙරට පිහිටි සුවිශේෂී රෝහලකි.

මාතෘ රෝහල් ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට රජයේ රෝහලක ප්‍රථම වරට ක්‍රියාත්මක ශුක්‍රාණු බැංකුව පසුගියදා මෙම රෝහලේදී ස්ථාපිත කෙරුණි.

එම නව ඒකකය සම්බන්ධව අදහස් දක්වමින් වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසුවේ දරුඵල ලැබීමට නොහැකිවීම මත විවාහ වූ යුවලකට ඒ සම්බන්ධව දැන් බිය විය යතු නැති බවය.

ඒ අනුව අදාළ යුවල මෙම ඒකකයට පැමිණිමෙන් මෙම කාර්ය විසඳා ගත හැකි බව පැවසූ වෛද්‍යවරයා පැවසුවේ මෙම සියලුම කාර්යන් නොමිලයේ මෙන්ම සම්පූර්ණයෙන්ම රහසිගතව සිය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් සිදුකළ හැකි බවය.

තවද මෙම සියලු ප්‍රතිකාර නොමිලයේ රජය විසින් ලබා දෙන ප්‍රතිකාර බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here