මේනකා පතිරණට ප්‍රදීප ප්‍රණාම සම්මානය

0
58

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම අභ්‍යන්තර උපාධිය ලබා රටට දැයට විශාල සේවාවක් සිදු කළ ව්‍යවසායකයන්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, විද්වතුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විශිෂ්ටතම ක්‍රීඩා නායකයන්, විදේශීයව රට වෙනුවෙන් සේවය කරන විද්වතුන්, අධ්‍යාපනඥයන්, පර්යේෂකයන්, ආගමික හා සමාජ මෙහෙවරේ යෙදෙන්නන් රැසකට සම්මාන පිරිනමන ප්‍රදීප ප්‍රණාම උලෙළ කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ලේ වෝටරස්එජ්හිදි පවත්වන ලදි.

මෙහිදී විද්වත් අභිනන්දන සම්මානයට පාත්‍ර වූ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණට හිමි සම්මානය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමිපාණන් විසින් පිරිනැමූ අවස්ථාව.

silumina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here