පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 96ක් පමණයි.
එහිදී අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ ඇලනා ඩැල්සෙල් පන්දු 25කදී හතරේ පහරක් සමඟ ලකුණු 24ක් රැස්කළා.
ඒ අනුව ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 12.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 99ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකර ගනු ලැබුවා.
එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඉමේෂා දුලානි පන්දු 25කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 44ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ඇයට අනගි සහයක් ලබාදුන් ආරම්භක පිතිකාරිනි සංජනා කාවින්දි ලකුණු 22ක් රැස්කළා.
ස්කොට්ලන්තය, පාකිස්තානය, නෙදර්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පැපුවා නිව් ගිනියාව සහ තායිලන්තය යන රටවල සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණා.
සටහන | සෙනුරි භාග්‍යා




