කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!

0
4

කෙන්යානු මලල ක්‍රීඩාවට තවත් මරු පහරක් වැදී තිබෙනවා.

තහනම් ශරීර උත්තේජන භාවිතා කිරීම හේතුවෙන් ලෝක මැරතන් ශූරී පෙරෙස් ජෙප්ෂියකියා (Peres Jepchirchir) ට තරග තහනමක් පනවා තිබෙන්නේ 2029 ලෝක ශූරතාවලිය නයිරෝබි නගරයට ලබා දීමේ ලෝක මලල ක්‍රීඩා ආයතනයේ තීරණය අභියෝගයට ලක්වෙමින් හා එම අප්‍රිකානු දේශයේ මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිපත්ති පිළිබඳ පරීක්ෂාව වැඩිවෙමින්.

වසර 2021 ටෝකියෝ ඔලිම්පික් රන් පදක්කම දිනා ගෙන ඉතාමත් ඉහළ ගෞරවයක් හිමි කරගෙන සිටින මේ 33 හැවිරිදි කෙන්යානු දුර දිවීමේ ක්‍රීඩිකාවගේ තරගවලින් පිට කාලයේ කෙරුණු පරීක්ෂණයකදී EPO නමැති තහනම් රුධිර වර්ධකය භාවිතා කර ඇති බවට ඔප්පු වීමෙන් පසුව ඇයට තරගවලට සහභාගි වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

තහනම් මත්ද්‍රව්‍ය භාවිතයේ පරීක්ෂණයක් පැවැත්වෙද්දී මලල ක්‍රීඩා අවංකත්වයේ ඒකකය (AIU) නියම කරන්නේ තාවකාලික තරග තහනමක්.

World marathon champion Jepchirchir provisionally banned by AIU over EPO finding | Reuters

මේ තහනමත් සමග ජෙප්ෂියකියා AIU විසින් 2017 වසරේ සිට තරග තහනමට ලක් කර ඇති කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 දෙනෙකුට වැඩි පිරිසට එක්වන අතර වර්තමාන කාන්තා මැරතන් ලෝක වාර්තාව උසුලන Ruth Chepngetich ද මේ අතර සිටිනවා.

ජෙප්ෂියකියාගේ තරගවලින්-පිට සාම්පලය කෙන්යාවේදී ලබා ගෙන තිබෙන්නේ ඇය මෑතදී ලැබූ සිඩ්නි මැරතන් ජයග්‍රහණයට පෙර බව AIU ප්‍රකාශ කරනවා.

ජෙප්ෂියකියාගේ ප්‍රශංසනීය ක්‍රීඩා දිවිය තුළ ඇය අර්ධ-මැරතන් ඉසව්වේ හිටපු ලෝක වාර්තාලාභිනියව සිටි අතර සිඩ්නි මැරතන් (2026), ලන්ඩන් මැරතන් (2024), බොස්ටන් මැරතන් (2022) හා නිව්යෝක් මැරතන් (2021) යන ශූරතා සමග සිවු වතාවක ලෝක මැරතන් ශූරිය ලෙස ද කිරුළු පැලඳ සිටියා.

මෙවැනි වැදගත්කමක් තිබෙන ක්‍රීඩිකාවක් තහනම් ශරීර උත්තේජන භාවිතා කර ඇති බවට තහවුරු වීමෙන් පසුව මුළු කෙන්යානු ක්‍රීඩා ක්ෂේත්‍රය ම කම්පනයට පත්ව සිටිනවා.

2029 වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ප්‍රදානය කළ සැණින් මෙවැනි සිදුවීමක් වාර්තා වීමෙන් කෙන්යාවේ ජාතික ඔලිම්පික් කමිටුව මහත් කලකිරීමට පත්ව සිටිනවා.

යනුවෙන් මේ මස මුල කෙන්යාවේ තෙදින සංචාරයකට පැමිණි ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියේ (WADA) ප්‍රධානී විටෝල්ඩ් බන්කා, කෙන්යාව ට කියා සිටියේ එරටට ශක්තිමත් පිරිසිදු ක්‍රීඩා සංස්කෘතියක් අවශ්‍යව තිබෙන බව අවධාරණය කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here