ලංකාවේ පියයුරු පිළිකා හේතුවෙන් දිනකට කාන්තාවන් තිදෙනෙක් මිය යනවා-සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියයි.

0
40

ලංකාවේ පියයුරු පිළිකා තත්ත්වය හේතුවෙන් දිනකට කාන්තාවන් තිදෙනෙක් මිය යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
කළුතර ශික්ෂණ රෝහලේ පියයුරු ප්‍රතිකාර එකකයේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, මෙම දත්ත අනුව වසරකට පන්දහසත්, පන්දහස් පන්සියයත් අතර පිරිසක් පියයුරු පිළිකා නිසා ජීවිතක්ෂයට පත් වන බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

කාන්තාවන්ට වැළඳෙන රෝග අතරින් සියයට විසිහතක්ම පියයුරු පිළිකා බව මේ වන විට හඳුනාගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

විශේෂයෙන්ම, මෙරට කාන්තාවන් වැඩිම මරණ සංඛ්‍යාවකට මුහුණ දෙන ප්‍රධාන රෝගය ලෙස පියයුරු පිළිකා තවදුරටත් පෙරමුණේ පවතින අතර, හෘදරෝග වාර්තා වන්නේ ඉන් දෙවන ස්ථානයටයි.

මීට අමතරව, මෙරට තුළ දිනකට අලුත් පියයුරු පිළිකා රෝගීන් 15ත් 18ත් අතර ප්‍රමාණයක් අලුතින් හඳුනාගැනෙන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here