කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වළකන්න වැඩපිළිවෙළක්

0
26

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හිංසන සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂිකාවන්, ප්‍රචණ්ඩත්වයට , මර්දනයට, අපහාස කිරීම් වලට සහ ලිංගික හිංසනයට ගොඳුරුවන බව, ඇය සඳහන් කළා.

ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වැඩපිළිවෙළක් පාර්ශ්ව රැසක දායකත්වයෙන් ක්‍රියාත්මක වනු ඇති.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ ”ඇගේ ගමනට සහය වෙමු” යන්න තේමා කරගනිමිනුයි.

news19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here