හිඟ බදු ගන්න හොඳ ක්‍රමයක් හදනවා – නව දේශීය ආදායම් කොමසාරිස්

0
34

හිඟ බදු අය කිරීමට ශක්තිමත් උපායමාර්ගයක් තම පාලන කාලය තුළ ක්‍රියාත්මක කරන බවට නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු පවසයි.

නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසු දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය අමතමින් ඇය මේ බව පවසා ඇත.

බදු පදනම පුළුල් කර බදු අනුකූලතාව වර්ධනය කිරීම සහ පැහැරහැර තිබෙන බදු එකතු කිරීමට ප්‍රමුඛ අවධානය යොමුකරන බවත් පවසා ඇති ඇය, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 15ක් දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය අත්පත් කර ගැනීමට දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබාදීමට තමා නායකත්වය ලබාදෙන බව ද ඇය සඳහන් කර තිබේ.

රුක්දේවි ප්‍රනාන්දු 39 වන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය වේ.


divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)

සබැඳි පුවත් :

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් රුක්දේවී ප්‍රනාන්දු පත්කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here