චමරිලා විස්සයි -20 සම ශූරතාව දිනති

0
17

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සද්කාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු අවසන් විස්සයි – 20 තරගය වර්ෂාව නිසා අතරමග නවතා දමන්නට සිදුවිය.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ ජය දෙපිලටම බෙදී ගියේය.

කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු රැකීමේ අවස්ථාව උදාකර ගත්තාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වෙනස්කම් 3ක් සහිතව තරගය ඇරඹූ අතර ඒ අනුව විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා සහ අචිනි කුලසූරිය වෙනුවට ඉරේෂා දුලානි, රන්මිතා සෙව්වන්දි සහ කෞෂිනි නුත්‍යාංගනා අවසන් තරගයට එක්ව තිබුණි.

කෙසේ වෙතත් තරගයේ 14 වැනි පන්දු වාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වනවිට නවසීලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබාසිටියහ. ඒ අනුව ඉන්පසුව තරගය ඇරඹීමට නොහැකි වුණත් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත්විය.

පන්දු යැවීමේදී ඉනෝරි ප්‍රියදර්ශනී, චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවාගත්තාය.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

divaina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here