අනුරාධපුර දැරියගේ ආරක්ෂාව සහ නීතිමය ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරයි

0
6

අනුරාධපුර බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ ඉදිරි නීතිමය පියවර සහ දැරියගේ සුරක්ෂිතභාවය පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද (25) තීරණය කර තිබේ.

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම සංසදය, ජුනි 05 වැනිදා පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමඟ සාකච්ඡාවකට එළඹීමට නියමිතය. මේ සඳහා නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට සමන්මලි ගුණසිංහ සහ චමින්ද්‍රාණි කිරිඇල්ලගේ මෙහෙයවීමෙන් විශේෂ අනුකමිටුවක් ද පත් කර ඇති අතර, ඔවුන් මෙම නඩුවේ ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here