ඊශ්‍රායල අමාත්‍යවරයෙකු විසින් පළ කරන ලද වීඩියෝවක දැක්වෙන අමානුෂික සැලකීමට ලක්වූ ශ්‍රී ලාංකික තරුණියගේ ආරක්ෂාව තහවුරු කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
ඇයව කඩිනමින් සහ ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව රජය නිවේදනය කරයි. විදේශගත ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය සුරැකීමට රජය අඛණ්ඩව මැදිහත් වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි




