අරගලකාරිනියකට අගමැතිනියගේ අවසන් ගෞරවය

0
15

නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අතර මෙරට සමස්ත අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 65ක් වෙන් කිරීමේ සටන් පාඨය ක්‍රියාත්මක කර ගැනීම සඳහා විශාල වැඩ කොටසක් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජානකී ජයවර්ධන සම්බන්ධයෙන් අගමැතිනියගේ අවසන් ගෞරවය පාර්ලිමේන්තුවේදී පිරිනැමීය.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව කාරක සභා අවස්ථාවට එක් වෙමින් එම අමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තුව අමතා ආචාර්ය ජානකී ජයවර්ධන පිළිබඳව කරුණු හෙළි කළාය.

කොහුවල, සුමනාරාම මාර්ගයේ පිහිටි සිය නිවසේදී සිදුවූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන පසුගිය 07 දා අභාවප්‍රාප්ත විය.

පොලීසිය පැවසුවේ, සිය පුත්‍රයාට අයත් මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් එහි ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය හා පුත්‍රයාගේ බිරිඳ උත්සාහ කර ඇති අවස්ථාවේදී බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ රථය එම අවස්ථාවේ ඉදිරියට ගමන් කර ඇති අතර එහිදී ඇය ඊට යටවී තිබේ.

බරපතළ තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

59 හැවිරිදි වියේ පසුවූ ආචාර්ය ජානකී ජයවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදුකර ඇති ජානකී ජයවර්ධන සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙනි.

ජානකී ජයවර්ධන සම්බන්ධයෙන් අගමැතිනිය සිදුකළ සම්පූර්ණ කතාව අයත් වීඩියෝව පහත දැක්වේ.

theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here