හොර අධ්‍යාපන සහතික වැඩියෙන්ම තියෙන්නේ පාර්ලිමේන්තුවේ !

0
42

හොර අධ්‍යාපන සහතික වැඩියෙන්ම තියෙන්නේ පාර්ලිමේන්තුවේ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී

පැවසුවාය.

”අධ්‍යාපනයේ අද තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, හොර සහතික.. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකට අපේක්ෂකයෝ මනාප දිනාගන්න හොර සහතික, හොර පට්ටම් තානාන්තර ඉදිරිපත් කරපු, අවස්ථාවක් ලෝක ඉතිහාසයේ කොහේවත් නැතුව ඇතැයි ද ඇය කියා සිටියාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විපක්ෂයේ සිටිය දී අධ්‍යාපනය ගැන දක්වපු ප්‍රගතිශීලි විප්ලවීය අදහස් අද අධ්‍යාපන ඇමතිවරිය ලෙස ක්‍රියාත්මක කිරීමේ අභියෝගයක් තිබෙනවා යැයි ද රෝහිණී කවිරත්න පැවසුවාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රෝහිනී මන්ත්‍රීවරිය,

අද නිදහස් අධ්‍යාපනය ඉස්සරහට දාලා, ‘අධ්‍යාපනයේ නිදහස’ අහිමි වෙලා තියෙනවා

උසස් පෙළ සමත් වන සිසුන් එක් ලක්ෂ පනස් දහසකින්, විශ්වවිද්‍යාලය අවස්ථාව ලැබෙන්නේ 44,000 කට විතරයි. ‘නිදහස් අධ්‍යාපනය’ නැත්තම් ආණ්ඩුවෙන්‍ නොමිලේ ලැබෙන අධ්‍යාපනය කවමදකවත් මේ 150,000 ට පුළුල් කරන්න බෑ. ඒ නිසා තමයි, ‘අධ්‍යාපනයේ නිදහස’ තහවුරු කළ යුතුයි.

විපක්ෂයේ ඉන්නකොට ගරු අග්‍රාමාත්‍යතුමියයි, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාත් අපි අධ්‍යාපනය ගැන හිටියේ එකම මතකය. පසුගිය මාස 3 දිහා බැලුවාම, මට පේන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් ගරු අගමැතිතුමිය අපි විපක්ෂයේ සිටිය දී හිටපු ස්ථාවරයෙන් බොහෝ වෙනස් වෙලා තියෙනවා කියලයි. මට හිතෙනවා, මට දැනෙනවා, මට පේනවා ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශය කරන්නේ හරිනි අමරසූරිය මැතිනිය නෙවෙයි කියලා.

මෙකද, අධ්‍යාපන අමාත්‍යාංශයේ පහුගිය මාස 3 කම වැඩ හරිනි අමරසූරිය ප්‍රතිපත්තිය වඩා ගොඩක් වෙනස්.

ගාමිණී ජයසූරිය, බද්උදීන් ‍මහමුද්, නිස්සංක විජේරත්න, රනිල් වික්‍රමසිංහ, ලලිත් ඇතුලත්මුදලි, රිචර්ඩ් පතිරණ, ජී.එල්.පීරිස් වගේ රටටක් සුවිශේෂ නායකයින් ට තරම්ම හරිනි ඇමතිතුමියටත් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති වෙනසක වටිනාකම හොදින් තේරුම් ගන්න පුළුවන් නිසා ‘අද අධ්‍යාපන ප්‍රතිපත්තියේ අද තිබෙන අවුල ගැන’ මම කරුණු පහක් (5) ක් දක්වන්නම්.

අපේ රටේ ‘අධ්‍යාපනයේ තියෙන ලොකුම ප්‍රශ්නය’ යුගයේ අවශ්‍යතාවයට අනුව අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවීම යි. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන සිදු වුණේ නෑ නෙවෙයි, අධ්‍යාපන ප්‍රතිපත්තිය යුගයෙන් යුගයට ප්‍රතිසංස්කරණය කරන්නට දුන්නේ නෑ. එක බලහත්කාරයෙන් වැලැක්වූවා. ඒ බලහත්කාරයේ ප්‍රතිඑල අපි බුක්ති විදිනවා.

1960 අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් ‘සැලසුම් සහගත අධ්‍යාපනය ක්‍රමයක්’ හදන්න කියලා පටන්ගත්ත.. අධ්‍යාපන ක්‍රමයම තමයි අපි තවමත් පැලැස්තර දම දමා තියාගෙන යන්නේ

1978 අංක 16 විශ්වවිද්‍යාල පනත ම තමයි අද දක්වා ක්‍රියාත්මක වෙන්නේ. පැච් දාන්න විතරයි පුළුවන් වෙලා තියෙන්නේ. අවු. 47 ක් විශ්වවිද්‍යාල එක තැන පල්වෙන්නේ ඒ නිසයි.

මම විස්තර ටිකක් කියන්නම්..

  • 1960 අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව ඇති කරපු දේවල් තමයි අදටත් ක්‍රියාත්මක වෙන්නේ.
  • 1960 පාසල් ශිෂ්‍ය නේවාසිකාගාර ගැන ගහපු චක්‍ර ලේඛනය තමයි අදටත් යන්නේ.
  • 1980 පහසුකම් හා සේවා ගාස්තු ගැන ගහපු චක්‍රලේඛනය තමයි අදටත් සංශෝධනය වෙලා ඉස්සරහට ඇවිත් තියෙන්නේ.

ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේන්න හදපු හැම වේළාවේම ඒකට එක්කෝ දේශපාලන පක්ෂ මැදට පැන්නා. නැත්තම්, දේශපාලන පක්ෂ පිටිපස්සේ ඉදන් ශිෂ්‍ය ව්‍යාපාරය ඉස්සරහට දාලා ඒවා කඩාකප්පල් කළා.

1978 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, 1978 විශ්වවිද්‍යාල පනත සම්මත කර ගන්න පුළුවන් වුනේ එජාප ආණ්ඩුව බලයට ඇවිත් (එයට ජනතා විමුක්ති පෙරමුණේ සහායත් ලැබුණ නිසා) කෙටි කාලකයකි ඒ පනත් සම්මත කර ගත්ත නිසයි.

1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් යෝජනා කරපු ප්‍රතිසංස්කරණ වෙනස් කරගන්න අපට බැරිවුණා. මේ සභාවේ ඉන්න ගරු මන්ත්‍රීතුමන්ලා තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න, ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු වෙච්ච ලොකුම වැරැද්ද ඒකයි.

අද අවුරුදු 44 කට පස්සේ එදා 1981 දී යෝජනා කරපු අධ්‍යාපන ප්‍රතිසංකරණ අද ක්‍රියාත්මක කරන්නට හදනවා. ඒ අතර, එදා ධවල පත්‍රිකාවට විරුද්ධ වෙච්ච අය ගේ දරුවෝ, ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ අද ජාත්‍යන්තර පාසල්වල, විදේශ රටවල අධ්‍යාපනය ලබනවා.

1997 චන්ද්‍රිකා කුමාරතුංග, තාරා ද මෙල් ලේකම්තුමිය ගෙනාපු ,1997 සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සිද්ධ වූ දේවල් ඔබට මතක ඇති. ඒ යුගයේ අධ්‍යාපනය ලැබුව ගරු මත්න්‍රීතුමන්ලා මෙතන ඇති.

2000 අධ්‍යාපන ප්‍රතිසංකරණවලට විරුද්ධව පෙළපාලි ගිය, කඳුලු ගෑස් කාපු අය මේ සභාවේ ඉන්නවා. ඒ යෝජනා බලන්න. ඒවා ගිණි තියපු එකේ ප්‍රතිඑලය අපි අද විදිනවා.

2007 විෂයමාලා ප්‍රතිසංස්කරණය විරුද්ධ ලංකාවේ සියළුම විශ්වවිද්‍යාල පාරට බැස්සුවා. මොකද වුනේ. සල්ලි තියෙන අය ඔක්කොම පුද්ගලික අධ්‍යාපනයට යොමු වුණා. දුප්පත් අය ජාතික විශ්වවිද්‍යාලවල තනි වුණා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු සාමාජිකයෝ මේ ගරු සභාවේ ඉන්නවා. තමන්ගේ හෘද සාක්ෂියට කතා කරලා අහන්න. මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වැලැක්වීම වෙනුවෙන් අද මේ රට කොච්චර මිලක්, වන්දියක් ගෙවනවා ද? කියලා.

මේ සභාවේ ආණ්ඩුවේ මුල් පේලිවල ඉන්න නායකයින්ගේ දරුවන් කී දෙනෙක් පුද්ගලික උපාධි සඳහා යොමුවෙලා තියෙනවාද? විදේශගතව අධ්‍යාපනය ලබනවාද?

දෙවනුව….

ගරු අග්‍රාමාත්‍යතුමිය, කාන්තා දිනයේ දී ත් කිව්වා , ‘නිදහස් අධ්‍යාපනයේ වටිනාකම. ඔව් මම පිළිගන්නවා ‘නිදහස් අධ්‍යාපනය’ වැදගත්. හෝඩියේ ඉදන්න උසස් පෙළට, විශ්විවිද්‍යාලයට, ටෙක්නිලක් කොලේජ් එකට උගන්නවන එක වැදගත්. ලක්ෂ එක හමාරක් දරුවෝ උසස් පෙළ සමත් වෙනවා. හැබැයි විශ්වවිද්‍යාලයට යන්නේ ඒකෙන් සොච්චමයි.

‘නිදහස් අධ්‍යාපනයට වඩා අධ්‍යාපනයේ නිදහස’ වැදගත්. අපි අපේ දරුවන්ට, දෙමාපියන්ට ‘අධ්‍යාපනයේ නිදහස’ ලබාදීය යුතුයි.

‘අධ්‍යාපනයේ නිදහස’
සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 1.5 ක් උසස් පෙළ සමත් වෙනවා. නමුත්, විශ්විද්‍යාලනයට අරගෙන තියෙන වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව 44,000 යි. මේක ගැනත් කියන්න ඕනි. 2015 – 2019 යහපාලන ආණ්ඩුව විශ්වවිදයාල අධ්‍යාපනය අතිශයින් පුළුල් කලා. 2018 දී, 32,000 වන සිසුන් සංඛ්‍යාව ඒක නිසා 2020 දී 41,700 දක්වා වැඩි වුණා. ඒක තමයි අඩුම කාලයකින් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවකට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථාව විවර වෙච්ච අවස්ථාව.

හැබැයි ‘නිදහස් අධ්‍යාපනය දෙන්න පුළුවන් සීමාවක් තිබෙනවා. රටේ අය වැය සීමාවන් තියෙනවා. අපි හැමෝම ‘නිදහස් අධ්‍යාපනයට පක්ෂය’’ හැබැයි ප්‍රායෝගික ලක්ෂ එක හමාරක් විශ්වවිද්‍යාලයලට ඇතුලත් කර ගන්න පුළුවන්ද? කවදාවතත් බෑ! ප්‍රශ්නය තියෙන්නේ එතනයි අග්‍රාමාත්‍යතුමිය. ඔබට මෙය හොදින් තේරෙනවා.

අධ්‍යාපනයේ නිදහස එන්නේ මෙතනටයි. ලංකා රාජ්‍ය වෛද්‍ය උපධියකට රු. ලක්ෂ 55 ක්, නිතිඋපාධියකට රු. ලක්ෂ 31 ක් සාමාන්‍ය කලා උපාධියකට ලක්ෂ 14 වැය වෙනවා. මම සංකල්පීය ප්‍රශ්නයක් අහන්නම්. මේ සල්ලි ටික අතට දීලා, කොයි විශ්වවිද්‍යාලයට යන්න කැමති කියලා ඇහුවොත්, ළමයි තෝරාගන්නවා ඇත්තේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලය ද? නැත්තම්, පුද්ගලික හරි විදේශීය විශ්වවිද්‍යාලයක් ද?

අපි උසස් පෙලට දරුවන්ට ‘අධ්‍යාපනයේ දී තෝරා ගැනීමට තියෙන අවස්ථා සීමා කරනවා.’ විශ්වවිද්‍යාලවල දී තෝරා ගැනීමට තියෙන අවස්ථාව සීමා කරනවා. සරළවට ‘අධ්‍යාපනය නිදහස’ සීමා කරනවා.

නිදහස් අධ්‍යාපනය කියන්නේ 1960 දී කන්නංගර යුගයේ තිබුණු සංකල්පයක්. ඒක අදටත් වැදගත් බව ඇත්ත. නමුත්, 1997 දී ලංකාවේ තියෙන්නේ ‘අධ්‍යාපන නිදහස’ ලබාදෙන්නේ කොහොමද කියන සාකච්චාව

අමු සිංහලෙන් කියන්නම්, තවදුරටත් දේශපාලන අවශ්‍යතාව මත විශ්වවිද්ද්‍යාල දරුවෝ කුලප්පු කරන එක නවත්තලා හැම දරුවාටම තමන් කැමති පුද්ලික හරි ආණ්ඩුවේ හරි, විදේශයක විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාව ලැබෙන්න ඕනි.

තුන්වෙනුව…

මම අධ්‍යාපනයට 6% ක් ඉල්ලන සටන්පාඨය මෙතෙනට ගෙන්නේ නෑ. මම කැමතියි ඒ නිර්මාල් රංජිත් ගේ ‘හරිනි අමරසූරිය ගේ ෆූටා’ සටන්පාඨය අමතක කරලා දාන්න. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් අඩුම මුදල වෙන් කරන රාජ්‍ය ශ්‍රී ලංකාව යි. අග්‍රාමාත්‍යතුමියනි, 2000 සිට 2025 දක්වා අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් අඩුම මුදල් ප්‍රතිශතය වැය කරන අය වැය මෙයයි.

ඔබතුමිය හරිම වාසනාවන්තයි. මොකද දැන් කවුරුවත් මේ ගැන කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කුලප්පු කරන්නේ නැති නිසා.!

අද ඔබලාට අධ්‍යාපන ප්‍රතිසංස්කරන නිදහසේ කරන්න ‍පුළුවන්. මොකද පාරට බහින්න කවුරුවත් නැති නිසා. දැන්හරි මේවා කරන්න. මුල් මුල් පේළිවල ඉන්න අයගේ දරුවන්ට වගේ ‘අධ්‍යාපනයේ තෝරා ගැනීමේ නිදහස’ දැන්වත් මේ රටේ ම දරුවන්ට දෙන්න ඕනි!

අධ්‍යාපනයට මුදල් වෙන් කළාම ඒ මුදල්වලට වෙන්නේ කුමක්ද කියන එක සොයා බැලීම වැදගත්.

හතරවෙනි කාරණයට ඉස්සරවෙලා, ඇමතිතුමිය අනේ කරුණාකරලා FUTA ෆුටා එකට හමුවීමට අවස්ථාවක් දෙන්න. ඔබතුමිය එහි ඉස්සර තනතුරක් දැරුවානේ. ඇයි දැන් හමුවෙන්න අවස්ථාවක් වත් දෙන්නේ නැත්තේ. ඒ අය අන්න අර තැන් තැන්වල ප්‍රවෘත්ති සාකච්ඡා තියමින් යනවා. ඔබතුමියලා දුන්න පඩි වැඩිවීම ලොකු වැඩියි කියලා. ඒ නිසා ඒක තියාගෙන කලින් දුන්න දීමනා ටික කපන්නේ නැතුව ඉන්න කියලා.

ඊලඟට හතර වන කාරණය,

අපි වෙච්චර වෙලා කතා කලේ සාමාන්‍ය අධ්‍යාපනය නැත්තම් ‘පුරවැසියන් වෙන්න හදන අයට දෙන අධ්‍යාපනය’ ගැන. උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, තෘතියික අධ්‍යාපනයට පනත් හදලා නීති හදලා තියෙනවා දැන් ඒවා

1978 උසස් අධ්‍යාපන පනත ආවේ. මේක වෙනස් කරන්න අවස්ථා 5 ක දී උත්සහා කරලා තියෙනවා. ඒ හැම අවස්ථාවක් ම විශ්වවිද්‍යාල වහලා, ගිණි තියලා, වෙඩි තියලා, කඳුළු ගෑස් ගහලා තමයි ඉවර වෙලා තියෙන්නේ. මේ පනතෙන් 2025 තියෙන උසස් අධ්‍යාපන ප්‍රශ්නවලට උත්තර නෑ. යන්න පුළුවන් උපරිම දුර ගිහිල්ලා ඉවරයි. මේක ගල් යුගයේ පනතක්.

පස්වන කාරණය :

වෘත්තීය අධ්‍යාපනය – ‘0 ස්කිල් ගැප්’ අධ්‍යාපනය ඒ කියන්නේ රස්සාවට හරියටම හරියන අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත්. අපේ ටෙක්නිලක් කොලෝජ්, වෘත්තීය අධ්‍යාපන ආයතන, මේවා තමයි වැඩිම ශිෂ්‍ය ප්‍රමාණයක් ඇතුලත් වෙන, වෘත්තීය නිපුනතා හදා ගන්නා තැන. 2017 – 2019 විශ්වවිද්‍යාල බදවා ගැනීම් වැඩිවුණා වගේම, වෘත්තීය අධ්‍යාපනයේත් පුදුමාකාර පිම්මක් පැන්නා. හැබැයි 2020 ඉදන් ඒක එකම තැන නැවතුණා. හිරවුණා. ඉස්සරහට යන්නේ නැති තැනකට පත් වුණා.

අග්‍රමාත්‍යතුමිය,

මම ඔබතුමියගෙන් ඔබගේ කතාවේ දී නිශ්චිත පිළිතුරක් අපේක්ෂාකරන ප්‍රශ්නයක් අහනවා. පසුගිය රජය අධ්‍යාපනයට අදාල පනත් 6 ක් කෙටුම්පත් කරලා තියෙනවා. ඒවා ගේ ගුණ දොස් ගැන අඩුපාඩු ගැන විවාද තියෙන්න පුළුවන්. හැබැයි, අපි ඒ පාරේ යනවා ද? නැත්තම්, අලුත් පාරක අධ්‍යපනය ගෙනියනවාද? කියන නිශ්චිත ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍යයි.

මේ ප්‍රශ්න පහට/හයට උත්තර හොයන කොට අපි ප්‍රායෝගිකව අත් විදින ගැටලු හා එදිනෙදා ප්‍රශ්නවලට නිකම්ම උත්තර ලැබෙනවා.

මානව සම්පත් අද ගුරුවරු 235,924 ක අනුමත කාඩර් එකක් තියෙනවා. මේකෙන් 40,000 ක්වත් ගුරු සේවා ව්‍යවස්ථාවේ නිශ්චිතව දැක්වෙන සුසුදුසකම් නොමැති පිරිසක්. අද ඇත්තමට ඉන්න ගුරුවරු සංඛ්‍යාව 2019 යහපාලන ආණ්ඩුව යනකොට හිටපු ගානට වැඩිය අඩුයි. 2015 දී ශිෂ්‍ය ගුරු අනුපාතය 18 ට 1 යි. 2020 දී අපි ආණ්ඩුව බාරදෙනකොට එය 16 ට 1 ට අඩු කරලා ගුරුවරු සංඛ්‍යාව වැඩි කලා.

පාසල් අධ්‍යාපනය කියන්නේ පළාත් සභාවට අයිති විශයයක්. ඒක පළාත් සභාවට දෙන්න. ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ජාතික පාසල් 373 ක් හදලා ඒකට සියළු සම්පත් පොම්ප කරලා අනිත් පාසල්වලට කැකිරි දෙන එක.

ජාතික ධ්‍යාපන ආයතනය සහ ගුරු විදුහල් (විද්‍යා පීඨ 16 ත් යුගයේ අවශ්‍යතාවට වෙනස් වෙන්නට අවශ්‍යයි. විද්‍යා පීඨ තමයි හොඳම ගුරුවරු නිර්මාණය කරන්නේ. ඒක අසූව දශකයට ඉතාමත් හොඳ වැඩක්. හැබැයි අද එහි වෙනස්කම් රැසක් සිදු විය යුතුව තියෙනවා.

ගුරුවරුන්ගේ ඉතිරි 2/3 දැන් ඕනි නෑ කියලා අධ්‍යාපන නියෝජ්‍ය ඇමති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාත්මක නායක, මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිතුමා කියලා තිබුණා.

”මේ කරන වැඩේ කැතයි! ලැජ්ජයි!! නින්දිතයි!!! මේ ගුරුවරු රවට්ටන්න එපා”
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමන්ලා ඔබ වැටුප් සටහන අවුල් කරන්න කරන්න පුළුවන් හැමදේම කළා..අන්තිමට ආණ්ඩුව 1/3 දෙනවා කියලා හොඳටම තේරුම් ගත්ත වෙළාවේ තමයි වැටුප් සටනට එකතු වුණේ. ඔබලා මහනුවර සිට ආපු පාගමන කඩාකප්පල් කරන්න කළ හැකි හැම දේම කලා. හැබැයි මේ 2/3 දෙනවා කියලා තමයි ගුරුවරු ටිකගේ ඡන්දය ගත්තේ. දැන්‍ මේ කරන වැඩේ වැරදියි. ගුරුවරුන්ගේ සැබෑ වැටුප් ප්‍රශ්ණය තියෙන්නේ 2/3 සම්බන්ධයෙන්. මේ කරන වැඩේ කැතයි! ලැජ්ජයි!! නින්දිතයි!!! මේ ගුරුවරු රවට්ටන්න එපා

අධ්‍යාපනයට වියදම් කරන මුදලින් වැදගත්ම කොටස තමයි ‘ප්‍රාග්ධන වියදම්’ සමහර අවුරුදුවල අය වැයෙන් වෙන් කරරපු මුදලින් 50% ක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබිලා නෑ. ව්‍යාපෘති වැඩ සඳහා සමහර විට 40%ක් ලැබෙන්නේ නෑ. ප්‍රශ්නය තියෙන්නේ එතනයි.

අනෙක් ප්‍රශ්නය හොර සහතික! ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකට අපේක්ෂකයෝ මනාප දිනාගන්න හොර සහතික, හොර පට්ටම් තානාන්තර ඉදිරිපත් කරපු, අවස්ථාවක් ලෝක ඉතිහාසයේ කොහේවත් නැතුව ඇත.

පසුගිය මාර්තු 5, ඩේලි එ‍ෆ්. ටී. පුවත්පතේ පලවී ඇති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එල්. පි. ජයතිස්ස ගේ Fake journal Publications – Silent Fraud in university system ලිපිය මම සභාගත කරනවා.

” 2018 යු. පන්නිලගේ නැමැත්තාගේ උසස්වීම් සහ ආචාර්ය උපාධිය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා 15 න් 7 ක් ම ව්‍යාජ පර්යේෂණ එහෙම නැත්තම් ‘උපක්‍රමශීලි ලෙස වෙනස් කරන ලද’ (මැනිපියුලේටඩ්) පත්‍රිකා වේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here