ජාත්‍යන්තරය දිනූ ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා පසුගිය සිකුරාදා (21) ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට ගිය අවස්ථාවේ ශ්‍රී ලාංකීය දෙමල ඩයස්පෝරාවේ සුළු පිරිසක් උද්ඝෝෂණයක් සිදු කර තිබේ.
ඒ , ඇයගේ පියා වන මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාට යුද අපරාධ චෝදනා එල්ල කරමිනි.
බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (Tamil Youth Organisation UK) නම් කණ්ඩායමක් විසින් ඇය ප්‍රසංගය පැවැත්වූ ශාලාව ඉදිරිපිට එම උද්ඝෝෂණය පවත්වා තිබේ.

“ප්‍රසන්න ද සිල්වා යනු ජන සංහාරයකට වරදකරු වන යුද අපරාධකරුවෙකි. ඔහුට ප්‍රශංසා කරන ඕනෑම අයකු ඔහුගේ අපරාධ සඳහා සුදුහුණු ගෑමට උත්සාහ කරයි,” යනුවෙන් දෙමළ ඊළාම් ස්වයං නිර්ණය සඳහා වූ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක එස්. යෝගලිංගම් ‘ටැමිල් ගාර්ඩියන්’ වෙබ් අඩවියට පවසා තිබේ.
මුලාශ්‍රය :
Controversy in London as Sri Lankan singer who praised war criminal looks to perform