විස්සයි 20 කාන්තා ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි.

0
11

එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ඊයේ (24) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටය තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතයි. එහි A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තරග වදිනවා.

B කාණ්ඩයට බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ඇතුළත්ව තිබෙනවා.

තරගාවලිය ජුනි මස 12 වෙනිදා ආරම්භ වන අතර තරගාවලියේ ආරම්භක තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනවා. අවසන් මහා තරගය ජූලි 5 වන දින ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here