තරුෂිගෙන් ආසියානු වාර්තාවක්

0
23

මැදි දුර දිවීම ශ්‍රී ලංකා ශූරිය වන තරුෂි කරුණාරත්න ඇමරිකාවේ පැවැති ‘ඩොන් කර්බි එලයිට්’ ආරාධිත ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 600 කාන්තා ඉසව්වේදී දෙවැනි ස්ථානය දිනාගනිමින් එම ඉසව්වේ ආසියානු ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලය වාර්තා කිරීමට ඉකුත්දා සමත් වූවාය.

මෙහිදී තරුෂි මිනිත්තු1 තත්පර 28.92 ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ 2වැනි ස්ථානය දිනාගත් අතර ඒ සමගින් එම ඉසව්ව සඳහා මෙතෙක් පැවැති හොඳම ආසියානු දක්ෂතාව පිලිපීන ක්‍රීඩිකා ලෝරා හොෆ්මන් විසින් පිහිටුවන ලද මිනිත්තු1 තත්පර30.33ක වාර්තාව බිඳ හෙලුවාය.

වර්තමානයේ, ලෝක මලල ක්‍රීඩා හෝ ජවන හා පිටිය සංඛ්‍යා ලේඛනඥයන්ගේ සංගමය ගෘහස්ථ මීටර් 600 ඉසව්ව සඳහා මේ වන විට නිල වාර්තාවක් පවත්වාගෙන නොයනමුත් තරුෂි විසින් වාර්තා කළ මෙම කාලය දැනට ආසියානු ක්‍රීඩිකාවක විසින් වාර්තා කළ වේගවත්ම කාලය ලෙස පිළිගැනේ.

මෙම තරගයේ ප්‍රථම ස්ථානය මිනිත්තු 1 තත්පර 28.89ක තරග නිමි කාලයක් වාර්තා කළ මයිසි ටයිලර් දිනාගත් අතර, ඇය තරුෂිට වඩා තත්පර දශම තුනක තරම් තියුණු කාලයක් ඉදිරියෙන් තරගය නිමකිරීම විශේෂත්වයක් විය. තෙවැනි ස්ථානය මිනිත්තු 1 තත්පර 32.27කින් තරගය නිම කළ මර්ලේන් මස්කේඩා සතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here