ගීත කෝකිලාවියට අවසන් ගෞරව දැක්වීමට ජනතාව පෙළගැසෙයි

0
11

අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (28) පස්වරුවේ සිට මේ දක්වා කලාකරුවන් , දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන අයුරු දැකගත හැකිය.

ඇයගේ දේහය අවසන් බුහුමන් දැක්වීම සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 වන බදාදා සිදුකිරීමට නියමිතය.

හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල ඉකුත් සෙනසුරාදා අභාවප්‍රාප්ත වුයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරය.

සිය දිවිගමන නිමා කරන විට ඇය 91 හැවිරිදි වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here