දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
මෙම පරිත්‍යාගය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අගමැතිනි හරිනි අමරසූරිය වෙත පිරිනමා තිබුණේ දෙසැම්බර් 08 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.
අනතුරුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.
අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.




