වියට්නාමයේ පැවැත්වෙන ‘මිස් කොස්මෝ ජාත්‍යන්තර රූ රැජින – 2025’ (Miss Cosmo International – 2025) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා කොස්මෝ රූ රැජින කළණි අතුකෝරාළ අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.
ලොව පුරා රටවල් 80ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද (26) සිට ලබන දෙසැම්බර් මස 20 වැනිදා දක්වා වියට්නාමයේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.
කළණි අතුකෝරාළ අද අලුයම 01.00ට තායි ගුවන් සේවයට අයත් ටී.ජී. – 308 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගිය අතර එතැන් සිට ඇය වියට්නාමය බලා ගමන් කිරීමට නියමිතය. කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන ඇය, මෙම ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ලොව හමුවට ගෙන යාමට සූදානමින් සිටියි.




