ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළපුරුදු පිතිකාරිනියක වන නිලක්ෂිකා ද සිල්වා, නවසීලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවැති කුසලාන තරගයේදී මෙවර තරගාවලියේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වුණා.
නිලක්ෂිකා සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට වැය කළේ පන්දු 26ක් පමණයි.
ඒ අනුව මීට පෙර තරගාවලියේම බංග්ලාදේශයේ ෂෝනා අක්තාර් විසින් පන්දු 34කින් අර්ධ ශතකයක් වාර්තාකරමින් තැබූ වාර්තාවයි ඇය විසින් බිඳ දමනු ලබා ඇත්තේ.
ශ්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට පත්ව තිබූ මොහොතක අංක 6 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි නිලක්ෂි, නොදැවී ලකුණු 55ක් රැස් කළේ පන්දු 28 වැය කරමින්. මෙම ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.
මෙම විශිෂ්ට ඉනිම අතරතුර නිලක්ෂි ද සිල්වා, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ලකුණු 1,000 සීමාව ද පසු කිරීම සුවිෂේෂී සිදුවීමක්.