පූර්ව ළමා විය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ මුල් වටයේ සාකච්ඡාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්

0
76

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මුල් වටයේ සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ඒ, බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දීයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙහිදී පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල එකම ප්‍රතිපත්තියක් මත පදනම් ව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

ලබන වර්ෂයේ දී 1, 6 හා 10 ශ්‍රේණිවල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන අවස්ථාවේදීම මෙම පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රතිපත්තිමාලාව ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

උපුටා ගැනීම hirunews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here