ගුවන්විදුලි සංස්ථාවේ 9 වැනි මැදිරිය හෙට (22) නන්දා මාලිනියගේ නමින් නම් කෙරේ

0
39

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වැනි මැදිරිය ආචාර්ය නන්දා මාලිනි මැදිරිය නමින් හෙට (22) පෙරවරු 8.30 ට නම් කරන බව එහි සභාපති උදිත ගයාෂාන් ගුණසේකර පවසයි.

මෙම අවස්ථාවට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහභාගි වීමට නියමිතයි.

එමෙන්ම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, කෘතහස්ත ගේය පද රචක කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීණ ගී පද රචකයන් ද එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

ආචාර්ය නන්දා මාලිනි මැදිරිය විවෘත කිරීම මෙන්ම ඇයගේ ඡායාරූපයක් ද මෙහිදී නිරාවරණය කෙරෙනු ඇත.

මීට අමතරව ඇයට තිළිණ ප්‍රදානයක් සිදු කිරීමට ද නියමිත බවයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here