ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයේ ද කාන්තා නියෝජනය වැඩි වී ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අගෝස්තු 12 වැනිදාට යෙදුනු, ජාත්‍යන්තර තරුණ දිනය මුල් කරගනිමින් අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති, තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද විශේෂ හමුව සහ විවෘත සාකච්ඡාවට සහභාගී වෙමිනි.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය…
“පසුගිය කාලය පුරාම තරුණ සම්මේලනයේ කාන්තා නියෝජනය බොහෝම අඩුවෙන් තිබුණේ. මේ වසරේ ඒක වෙනස්වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇති වුණු එම වෙනස දැන් හැම ක්ෂේත්‍රයකම ඇතිවෙමින් තියෙනවා. ඒ අනුව, ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි වෙලා තියෙනවා.
තාරුණ්‍ය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමේ දී ගොඩක් අසන්නට ලැබෙන්නේ තරුණ ප්‍රචණ්ඩත්වය, තරුණ අසහනය සහ තරුණ මරණ පිළිබඳවයි. ඒත් දැන් එම තත්ත්වයෙන් වෙනස් වුණ, තාරුණ්‍ය ගැන ලංකාවට අලුත් කතාවක් අවශ්‍යයි. ඒ සඳහා ඔබට මේ ලැබිලා තියෙන්නෙ සුවිශේෂී අවස්ථාවක් වගේම වගකීමක්.”
මෙහි දී තරුණ සම්මේලනයේ නියෝජිතයින් 52 දෙනා වෙත සමරු තිළිණ පිරි නැමීම ද සිදු කෙරිණ.
මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, තරුණ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, තාරුණ්‍ය සඳහා වන සංසදය අධ්‍යක්ෂ ජනරල් නීතීඥ සුපුන් විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ තාරුණ සසම්මේලනයෙහි සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ.
