කාන්තා මීටර් 5000 ශ්‍රී ලංකා වාර්තා­වත් රසා­රාට

0
51

කාන්තා මීටර් 5000 ඉසව්වේ වසර 4ක් පැරණි ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරී­මට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ රසාරා විජේ­සූ­රිය සමත් වූවාය.

ජර්ම­නියේ පැවති ලෝක විශ්ව­වි­ද්‍යාල ක්‍රීඩා උලෙළේ අව­සන් දින­යවූ ඊයේ මීටර් 5000 අව­සන් තර­ග­යට එක්වූ රසාරා මිනිත්තු 15:52.60ක කාල­යක් වාර්තා කළ අතර, ක්‍රීඩි­කා­වන් 13 දෙනකු අත­රින් ඇයට හිමි වූයේ 11 වැනි ස්ථාන­යයි.

රසා­රාගේ මේ කාල සමඟ බිඳ වැටුණු 2021 වසරේ ගය­න්තිකා අබේ­රත්න විසින් ජාතික මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී මිනිත්තු 15:55.84කින් තබා තිබූ ශ්‍රී ලංකා වර්තාය.

කාන්තා මීටර් 10,000 ශ්‍රී ලංකාව වාර්තාව ද රසාරා සතුවී ඇති අතර, මේ ක්‍රීඩා උලෙ­ළේ­දීම මීට දින කිහි­ප­ය­කට ඉහ­තදී එය නැවත අලුත් කිරී­මට රසාරා සමත් වූවාය.

මේ අතර කාන්තා තුන්පිම්ම ඉසව්වේ අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනීම සඳහා ‘බී’ කාණ්ඩ­යෙන් තරග වැදුණු ඉෂාරා සම­න්මලී මීටර් 12.20ක දක්ෂ­තා­වක් දැක්වු­වද ඇයට හිමි­වූයේ ක්‍රීඩි­කා­වන් 13 දෙනකු අත­රින් 9 වැනි ස්ථාන­යයි. ඒ හේතු­වෙන් ඇයට අව­සන් තරග වරම් අහි­මිවී ගියාය.

හෙල්ල විසි­කි­රීමේ ක්‍රීඩක තාරුක නවෝන් අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනී­මට සමත් වුවත් එහිදී ඔහුට දැක්විය හැකි වූයේ මීටර් 68.15ක දක්ෂ­තා­වකි. එය අව­සන් තර­ග­යට එක්වූ ක්‍රීඩ­ක­යන් 12 දෙනා අත­රින් වාර්තාවූ අවම දුර ප්‍රමා­ණය විය. තාරුක අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනීම සඳහා සුදු­සු­කම් ලැබීමේ ‘බී’ කාණ්ඩයේ තර­ග­යේදී මීටර් 74.79ක දක්ෂ­තා­වක් දක්වා තිබිණි.

නිරෝ­ෂාන් ප්‍රියං­කර – dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here