ආචාර්ය මිලිනා සුමතිපාල 90 වැනි ජන්ම සැමරුම

0
28

සුමති හෝල්ඩින්ග්ස් සහ සුමතිපාල පවුලේ සාමාජිකයන් එක්ව සංවිධානය කළ දිවංගත ආචාර්ය මිලිනා සුමතිපාල ගේ 90 වැනි ජන්ම දින සංවත්සර සැමරුම, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ බෞද්ධ සංවිධානවල සාමාජික සාමාජිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

දුරදර්ශී නායිකාවක්, සමාජ සේවිකාවක් සහ සංස්කෘතිකමය ප්‍රතිමූර්තියක් බඳු වූ ආචාර්ය මිලිනා සුමතිපාල , 1935 වර්ෂයේ මැයි මස 25 වන දින කොළඹ කොටහේනේදී උපත ලැබූ අතර ඇය සිය ජීවිතයේ වැඩි කාලයක් අන් අයගේ ජීවන අභිවෘද්ධිය උදෙසා කැප කළ විශිෂ්ට කාන්තාවකි.

ඇය තම වැඩිමහල් පුත් ජගත් සුමතිපාල සමග සුමති සමූහ ව්‍යාපාරයට නායකත්වය දුන් අතර පසුකාලීනව ව්‍යාපාරය මෙහෙයවීමට තිලංග සුමතිපාල ද එක් විය.

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය පරිහානියට පත් වෙමින් පැවැති 2002 වසරේදී ආචාර්ය මිලිනා සුමතිපාල , එහි පළමු කාන්තා සභාපතිනිය බවට පත්වෙමින් ඉතිහාසගත චරිතයක් වූවාය.

සුමති හෝල්ඩින්ග්ස් සභාපති ජගත් සුමතිපාල උත්සව සභාව ආමන්ත්‍රණය කළ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (BMICH) ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය වගීෂා ගුණසේකර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ඇතුළු පවුලේ පිරිස සහ ප්‍රභූවරුන් ආචාර්ය මිලිනා සුමතිපාල ගේ ජන්ම සංවත්සරය සැමරීමට එක්වූ අයුරු මෙහි දැක්වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම හා දයාසිරි ජයසේකර ඇතළු අරාධිතයෝ රැසක් ද ඊට එක්ව සිටියහ.

divaina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here