ආචාර්ය නදීශා චන්ද්‍රසේන, ඇමතිනී පෝල්රාජ් හමුවෙයි

0
147

2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය හිමිකර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන ඇමතිනි සරෝජා පෝල්රාජ් හමුවී තිබේ.

තමන් ලබා ගත් ජාත්‍යන්තර සම්මානය සහ ඊට දායක වු කණ්ඩායම පිළිබඳ ආචාර්ය නදීශා චන්ද්‍රසේන ඇමතිනී සරෝජා පෝල්රාජ් එහිදී දැනුවත් කර ඇති අතර ලොව ප්‍රථම සුහුරු කානු පද්ධතිය නිර්මාණය කරමින් රටට ජයග්‍රහණයක් ගෙනදුන් ආචාර්ය නදීශා චන්ද්‍රසේන වෙත අමාත්‍යවරිය මෙහිදි සමරු තිළිණයක් ද පිළිගන්වා ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳ මහත්සේ ආඩම්බර වන බවයි අමාත්‍යවරිය මෙහිදි සඳහන් කර ඇත්තේ.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here