විශ්ව රූ රැජින තරගයේ අනුශූරියක් වූ මොරීන් හින්ගර්ට් අභාවප්‍රාප්ත වේ

0
12

1955 මිස් සිලෝන් කිරුළ හිමිකර ගැනීම සහ 1955 විශ්ව රූ රැජින තරඟයේදී තුන්වැනියා බවට පත් වූ මොරීන් හින්ගර්ට් මහත්මිය අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

1937 ජනවාරි 9 වන දින කොළඹ දී උපත ලැබූ ඇය මියයන විට 88 වන වියේ පසු වූ අතර පදිංචිව සිට ඇත්තේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර බව වාර්තා වේ.

වෘත්තීයමය වශයෙන් ඇය නිළියක්, නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක් ලෙස කටයුතු කර තිබේ.

විශ්ව රූ රැජින තරගයෙන් ඇයට හිමි වූ ජයග්‍රහනයත් සමඟ මෙරට නියෝජනය කරමින් තානාපතිවරියක් ලෙසද කටයුතු කර ඇත.

විශ්ව රූ රැජින තරගයෙන් ස්ථානයක් හිමි වූ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම තරගකාරිය ඇයයි.

හින්ගර්ට් දක්ෂ නර්තන ශිල්පිනියක් බැවින් ඇය ලොස් ඇන්ජලීස් හි ෂ්‍රයින් ශ්‍රවණාගාරයේ සහ වෙනත් ස්ථාන රැසක ඒක පුද්ගල නර්ථනයන් ඉදිරිපත් කර ඇත.

ඒත් සමගම ඇය යුනිවර්සල් ඉන්ටර්නැෂනල් ස්ටූඩියෝ සහ 20th සෙන්චරි ෆොක්ස් ආයතන විසින් බඳවා ගෙන තිබේ.

ඉන්පසු ඇය The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunmen from Laredo, The Rawhide Trail සහ Captain David Grief යන බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවන් ඇතුළු කැපී පෙනෙන නිෂ්පාදන කිහිපයකටම සිය රංගනයෙන් දායක වී ඇත.

මොරීන් හින්ගර්ට් මහත්මිය සිය සුරූපී බවෙන් මෙන්ම හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ බැබල වූ කාන්තාවකි.

adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here