රාජකීය සම්ප්රදාය අනුව යමින් වසරක යුද හමුදා පුහුණුවක් අවසන් කළ ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය පසුගිය දා නාවික හමුදා පුහුණුව ද ආරම්භ කර තිබේ.
ස්පාඤ්ඤ සම්ප්රදාය අනුව එරට රජ කිරුළට උරුමකම් කියන සියලුම රාජකීයයන් අදියර තුනක් ලෙසින් වසර 3ක හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය වේ.
ස්පාඤ්ඤ රජ කිරුළට හිමිකම් කියන ලියොනොර් කුමරිය සිය හමුදා පුහුණුව ආරම්භ කළේ පසුගිය වසරේ ස්පාඤ්ඤයේ සරගෝසා හි යුද හමුදා ඇකඩමියේ දී ය.
එහි දෙවන අදියර ලෙස ලියොනොර් කුමරිය පසුගියදා සිය නාවික හමුදා පුහුණුව ආරම්භ කළේය. ඇය එම පුහුණු ලබන්නේ ජුආන් සෙබැස්තියන් ද එල්කානෝ නෞකාවේ දී යි.
නාවික හමුදා පුහුණුවෙන් පසුව එරට ගුවන් හමුදා ඇකඩමියේ දී ලියොනොර් කුමරියගේ ගුවන් හමුදා පුහුණුව ආරම්භ වීමට නියමිතව තිබේ.