තලතා, එජාප මහලේකම් ධුරයේ වැඩ අරඹයි –  එජාප – සජබ එකතුකරන මෙහෙයුමක්

0
24

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ තලතා අතුකෝරාළ අද (10) පෙරවරුවේ

සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබීය.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය.

ඇය වාර්තා අතරට එක්වන්නේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් වූ පළමු කාන්තාව ලෙසය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂ සභාපති වජිර අබේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක්විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ, සමගි ජන බලවේගය හා සාකච්ඡා පවත්වමින් කැඩී වෙන් වී ගිය පාර්ශ්වයින් එක් රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

“මම ඒ කටයුත්ත අතහරින්නේ නෑ. මොකද සමගි ජන බලවේගය කියන්නේ අමුතු පක්ෂයක් නෙමේ. එකේ හිටපු සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. අපි ඒ අයට විවෘත ආරාධනයක් කරනවා මොකද රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ පූර්ණ ආශිර්වාදය තියෙනවා. නායකතුමා කිසිම විදිහකට තහංචි දාලා නෑ එහෙම නම් එතුමා මාව ගන්නෙත් නෑනේ.

මේ තනතුර මට අභියෝගයක්. මොකද මේ අභියෝගය භාර ගන්න මම කැමතියි. එක අතකින් මම සන්තෝෂ වෙනවා කාලෙකට ඉස්සෙල්ලා මගේ එකම සහෝදරයා මේ නතතුර දරමින් රටේ සියලුම පාක්ෂිකයින්ගේ විශ්වාසය දිනාගෙන වැඩකටයුතු කළා. මම දැක්කේ එයා දේශපාලනය කරනවා විතරයි එතකොට ඒ ගමන් මගේ ගිහිල්ලා සියලු දෙනාම එකතු වෙලා මේ පක්ෂය ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටේ ජයග්‍රහණය සහ රටේ ජනතාව ජයග්‍රහණය කරනවා කියන එක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here