හය වන යොවුන් ආසියානු මළල ක්‍රීඩා උලළේදී දක්ෂතා දැක්වූ දිල්කි නෙහාරා ක්‍රීඩිකාව ඇය උගත් පාසලේ දී හරසරින් පිළිගනු ලැබුවා.
සෞදි ආරාබියේ පසුගියදා පැවති හය වන යොවුන් ආසියානු මළල ක්‍රීඩා උලළේදී දිල්කි නෙහාරා ක්‍රීඩිකාව වයස අවුරුදු 18න් පහළ තුන් පිම්ම ක්‍රීඩා ඉසව්වේ තුන්වන ස්ථානය දිනා ගත්තා.
සහාය දිවිමේ තරගයෙන් ද ඇය දෙවන ස්ථානය දිනා ගත්තා.
මෙම ජයග්‍රහණ රැගෙන දිවයිනට පැමිණි දිල්කි නෙහාරා ක්‍රීඩිකාව පිළිගැනීම සඳහා ඇය අධ්‍යාපනය ලබන පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය කටයුතු යොදා තිබුණා.
වලාන හංදියෙන් ආරම්භ වූ රථ පෙරහැරකින් විදුහල වෙත ඇය කැදවා ගෙන පැමිණි අතර විදුහල්පතිනි ඉමාලි තිරිමාන්න ඇතුලු ආචාර්ය මණ්ඩලය හා සිසුන් ඇය හරසරින් පිළිගනු ලැබුවා.