1960 ජූලි මාසයේ දිනෙක, ලෝක දේශපාලනයේ පිරිමි ආධිපත්‍යය බිඳ දමමින් ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලොව ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය. මෙය හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් නොව, සමස්ත ලෝක කාන්තා ඉතිහාසයටම සුවිශේෂී මඟ සලකුණක් විය.
එතෙක් පැවති පුරුෂ කේන්ද්‍රීය දේශපාලන ව්‍යුහය තුළ නායකයෙකු හැඳින්වීමට භාවිත වූයේ “Statesman”යන පදය පමණි. කෙසේ වෙතත්, සිරිමාවෝ මැතිණියගේ මෙම සුවිශේෂී පත්වීමත් සමඟ, බ්‍රිතාන්‍ය මාධ්‍යයට සහ ලෝක දේශපාලන ශබ්දකෝෂයට අලුත් මානයක් එකතු කිරීමට සිදු විය. එලෙස නිර්මාණය වූ “Stateswoman”යන වචනය, අදටත් කාන්තා නායකත්වයේ ශක්තිය සහ ගෞරවය විදහා දක්වන සංකේතයක් ලෙස භාවිතා වේ.
ඇය නිරූපණය කළේ හුදෙක් දේශපාලන බලය පමණක් නොවේ; ඕනෑම අභියෝගයක් ජයගත හැකි ගැහැනියකගේ ආත්ම ශක්තියයි. අද අප මේ ගැන කතා කරන්නේ අභිමානයෙනි. මන්ද, ලෝකයටම මඟ පෙන්වූ ඒ උත්තරීතර කාන්තා නායකත්වය බිහිවූයේ අපේ පුංචි දූපතෙන් වීම අප ලද භාග්‍යයකි. “ඉතිහාසය වෙනස් කරන තැනැත්තියක් වීමට නම්, මුලින්ම ඒ වෙනස තමන් තුළින්ම ආරම්භ කළ යුතුය.”අභිමානවත් ලාංකීය නාමයට උපහාර වේවා!
උපුටා ගැනීම ටෙලි ලන්තය face book පිටුවෙන්




