‘සැබෑ ජීවිතයේ ස්ක්විඩ් ගේම් එකක්’:කිම් සේ-රොන්ගේ මරණයෙන් හෙළිවන කොරියාවේ සෙලිබ්‍රිටි සංස්කෘතියේ අඳුරු පැතිකඩ

    0
    54

    සියදිවි නසාගැනීමක් ලෙස සැලකෙන නිළි කිම් සේ-රොන්ගේ මරණය, නිරන්තරයෙන් ජනප්‍රිය පුද්ගලයින් බිහි කරන අතර ම ඔවුන් දැඩි පීඩනයකට සහ මහජන පරීක්ෂාවට ලක් කරන දකුණු කොරියාවේ විනෝදාස්වාද කර්මාන්තය පිළිබඳ විවේචන යළිත් වරක් ඇති කර තිබේ.

    2025 පෙබරවාරි 16 ඉරිදා සෝල් හි ඇගේ නිවසේදී මියගොස් සිටියදී හමුවන විට 24 හැවිරිදි වියේ පසු වූ කිම්, 2022 දී බීමතින් රිය පැදවීමේ වරදට වැරදිකාරිය වීමෙන් පසු දැඩි විවේචනාත්මක මාධ්‍ය වාර්තාකරණයන්ට සහ අන්තර්ජාලයේ වෛරී ප්‍රකාශයන්ට මුහුණ දී තිබිණි. ඇයගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු පොලිසිය විසින් සපයා නැත.

    විශේෂඥයින්ට ඒ වටා ඇති තත්වයන් කලකිරීමට පත් කරන තරමට සමීප බවක් පෙනී ගොස් ඇත. සයිබර් අවකාශයේ අපහාස කිරීම් හේතුවෙන් වෘත්තීය ජීවිතය කඩාකප්පල් වීමෙන් පසු නොයෙකුත් සෙලිබ්‍රිටි චරිත සියදිවි නසා ගත් හ.

    පෙබරවාරි 19 බදාදා කිම්ගේ දේහය තැන්පත් කරන විට, ඇගේ මරණය අර්ථවත් වෙනසක් ගෙන එනු ඇත්දැයි විශ්ලේෂකයෝ සැක පළ කළ හ.

    නමුත් විනෝදාස්වාද කර්මාන්තයේ අනෙක් පස සම්බන්ධයෙන් ද වර්ධනය වන අවධානයක් යොමු වෙමින් පවතියි.

    අධ්‍යාපනයේ සිට වෘත්තීය දියුණුව දක්වා සියල්ල හැඩගස්වන දකුණු කොරියාවේ සංස්කෘතිය දැඩි තරඟකාරී එකක් වේ. එය සංවර්ධනය වන රටවල් අතර වැඩි ම සියදිවි නසා ගැනීමේ අනුපාතිකයක් ඇති රටවල්වලින් එකකි.

    සෙලිබ්‍රිටි චරිත සම්බන්ධයෙන් මෙම පීඩනය ඉතා ඉහළ ය. ඔවුන්ගේ වෘත්තීන්ට බලපෑම් කළ හැකි උමතු “සුපිරි රසිකයින්ගේ” ඉල්ලීම්වලට ඔවුහු ලක්වන අතරේ ම, පරිපූර්ණ වීමට ඔවුහු දැවැන්ත පීඩනයක් විඳදරා ගනිති.

    “ප්‍රසිද්ධ පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් කරලා මදි. ඔවුන් නිර්දය විවේචනයේ ඉලක්ක බවට පත් වෙනවා,” කොරියානු සංස්කෘතික විචාරකයෙකු වන කිම් හර්න්-සික් බීබීසීයට පැවසීය.

    K-pop කලාකරුවන් වන සුල් ලී සහ ගූ හාරා

    නීතිමය ගැටළු නොමැති වුවද, නොනවතින අන්තර්ජාල හිරිහැර විඳ දරාගැනීමෙන් පසු 2019 දී සියදිවි නසාගත් K-pop කලාකරුවන් වන සුල් ලී සහ ගූ හාරා ගැන ඔහු සඳහන් කළේ ය.

    ‘සැබෑ ජීවිතයේ ස්ක්විඩ් ගේම් එකක්’
    සයිබර් හිංසන ඇතැම් අයට මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව කිම් හර්න්-සික් බීබීසීයට පැවසීය.

    “යූටියුබර්ස්ලාට වීව්ස් එනවා, ෆෝරම්වලට එන්ගේජ්මන්ට් එනවා, ප්‍රවෘත්ති ආයතනවලට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙනවා. මම හිතන්නේ නෑ [කිම්ගේ මරණය] තත්ත්වය වෙනස් කරයි කියලා. නිර්දය විදිහට කමෙන්ට් දාන එකට විරුද්ධව දැඩි දඬුවම් දීමේ අවශ්‍යතාවය තියෙනවා,” ඔහු පවසයි.

    කිම් සේ-රොන්ගේ පියා ඇගේ මරණයට දායක වූ බවට යූ ටියුබ්කරුවෙකුට චෝදනා කළ අතර, ඔවුන් පළ කළ මතභේදාත්මක වීඩියෝ ඇයට දැඩි චිත්තවේගීය පීඩාවක් ඇති කළ බවට චෝදනා කළේ ය.

    තවත් සමහරුන්, තහවුරු නොකළ ප්‍රකාශ වාර්තා කිරීමෙන් කිම්ට එරෙහිව මහජන සතුරුකමක් ඇති කළ බවට වාර්තා වන ඇතැම් දේශීය මාධ්‍ය ආයතන වෙත ඇඟිල්ල දිගු කර තිබේ.

    “මාධ්‍ය මගින් මෙහෙයවනු ලබන මෙම චරිත ඝාතන චක්‍රය නතර කළ යුතුයි,” යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සඳහා වූ පුරවැසි සන්ධානය නම් සිවිල් කණ්ඩායමක් අඟහරුවාදා [පෙබරවාරි 18] නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

    “අපේ සමාජය වැටෙන අයව අතහැර දාලා මොකුත් වුණේ නෑ වගේ ඉදිරියට යනවා… මේ විනාශකාරී, මිනිස්සුන්ගේ හුස්ම හිර කරන ලැජ්ජාව ඇති කිරීම නවත්වන්න තවත් ජිවිත කීයක් නැති වෙන්න ඕනේ ද?” ඔහු ෆේස්බුක් හි ලියා තිබේ.

    “බීලා වාහන පදින එක ලොකු වැරද්දක්. ඒකට දඬුවම් දුන්නේ නැත්නම් අපේ නීති පද්ධතියේ ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. කොහොමවුණත්, වැරදි කරන අයට දෙවැනි අවස්ථාවක් නොදී ඔවුන්ව වළලන සමාජයක් හොඳ සමාජයක් නොවෙයි,” මහාචාර්ය නා එකතු කළේ ය.

    K-pop කර්මාන්තයේ “සුපිරි රසිකයන්” ඔවුන්ගේ “ආදර්ශ” වන පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත, ඔවුන්ගේ සබඳතා සහ දෛනික ක්‍රියාකාරකම් ද ඇතුළුව පාලනය කිරීමට උත්සාහ කරන බවත්, ඒ දේවල් තම අපේක්ෂා මට්ටමෙන් බැහැර වූ විට බොහෝ විට සමාව නොදෙන බවත් පසුගිය වසරේදී බීබීසී වාර්තා කළේ ය.

    2023 අප්‍රේල් මාසයේදී බීමත් ව රිය පැදවීමට වරදකරු වී එහි ප්‍රතිඵලයක් ලෙස වොන් මිලියන 20 ක (£11,000) දඩයක් නියම වීමෙන් පසුව, කිම් සේ-රොන් මහජන අවධානයෙන් ඉවත් වීමට තීරණය කිරීම පුදුමයක් නොවේ.

    කෙසේ වෙතත්, සියලුම ප්‍රසිද්ධ පුද්ගලයින් එක ම මට්ටමේ පරීක්ෂාවකට හෝ සැලකීමකට ලක් නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත් ය . මත විමසුම්වලට අනුව දකුණු කොරියාවේ ප්‍රමුඛ ජනාධිපති අපේක්ෂකයා බවට පෙන්නුම් කරන දකුණු විපක්ෂ නායක ලී ජේ-මියුන්ග් වැනි දේශපාලනඥයින් මීට පෙර බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් දඬුවම් ලැබුව ද නැවත කරළියට බාධාවකින් තොරව පැමිණ තිබේ.

    මතභේද සහ අපකීර්තිය සමහර විට “රොක්ස්ටාර් කෙනෙක් වීම වැනි දෙයක්” සමඟ ජනප්‍රිය පුද්ගලයෙකුගේ ජනප්‍රියත්වය වැඩි දියුණු කළ හැකි බටහිර විනෝදාස්වාද කර්මාන්ත සමඟ ඔහු මෙය සංසන්දනය කරයි.

    “හොලිවුඩ්වල ජනප්‍රිය පුද්ගලයෙක් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තොත් හෝ සැලකිය යුතු අපරාධ සම්බන්ධයෙන් සිරගත කරපු වෙලාවක කවුරුවත් ඒකට ඔල්වරසන් නොදුන්නත්, ඒක කොහෙත් ම වෘත්තීය අවසන් කරන එකක් වෙන්නේ නෑ,” ඔහු පවසයි.

    කොරියානු විනෝදාස්වාද කර්මාන්තය රංගන ශිල්පීන්ගේ මානසික සෞඛ්‍ය ගැටළුවලට ආමන්ත්‍රණය කිරීම ආරම්භ කර ඇතත් ඒවා කෙතරම් ඵලදායී වී ඇත්ද යන්න පැහැදිලි නැත.

    බෙන්ජමින් පවසන්නේ සැබෑ වෙනසක් සිදුවිය හැක්කේ එවැනි ආක්‍රමණශීලී වාර්තාකරණය දිගටම කරගෙන යාමට මූල්‍යමය සහය හෝ හෝ අවධානය යොමු කිරීමේ දිරිගැන්වීම් නොමැති විට පමණක් බව ය.

    අතිරේක වාර්තාකරණය සෝල් සිට ජේක් ක්වොන් විසිනි.

    කෙලී එන්ග්
    බීබීසී පුවත්

    BBC සිංහල සේවය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here