අනන්‍යතාව හෙළිනොකරනවා කියන එකේ මූලධර්මය ? | Uvindu Kurukulasuriya

    0
    17

    දිනකට කාන්තාවන්, ඒ වගේම යම් ප්‍රමාණයක් පිරිමි, විශේෂයෙන්ම දරුවන් සහ වෙනත් ලිංගික අනන්‍යතාවයන් ඇති අයව ලිංගික අපරාධවලට ගොදුරු වෙනව.

    ඒත් ඒ අයගේ අනන්‍යා හෙලිකරන්න එපා කියල කටක් අරින්නෙ නැති අය එවැනි අපරාධයකට ගොදුරු උන වෛද්‍යවරිය ගැන විතරක් කතාකරන්න පටන් අරං.

    කොටින්ම තම සනුහරේ කෙනෙකු වීම නිසාදෝ මාධ්‍ය ඇමතිත් ඉල්ලීමක් කරල ඇගේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න කියල. ඒකෙන් පේන්නෙ ලිංගික අපරාධයකට ගොදුරු බවට පත්වෙන කෙනාගේ සමාජ තත්ත්වය, රැකියාව අනුව තමා මේ ආචාරධර්ම/නීති ගැන සාකච්ඡා ඇති වෙන්නෙ කියන එක. ඒක වැරදියි.

    ඒත් කොහොම හරි කොතනින් හරි මේ සාකච්ඡාව පටන්ගෙන ලිංගික අපරාධවලට ගොදුරුවුන අනිත් ආන්තිකකරණයට හෝ සමාජයේ අවවරප්‍රසාදිත අයටත් ඒ රැකවරණයම දෙන්න ඕන කියන එකත් අධිශ්ඨාන කරගන්න.

    ලිංගික අපරාධයකට ගොදුරු වුන අයගෙ අනන්‍යතාවය ආරක්‍ෂා කරන්න කියන ඉල්ලීම වෛද්‍යවරිය නිසා ඇති වෙලා.

    මේ අනන්‍යතාවය රකිනව කියන්නෙ ඇගේ නම, ගම, පින්තූර වගේ ඒව මාධ්‍යයේ දාන එකෙන් වළකින්න කියන එක විතරක් නෙමෙයි. Jigsaw Effect කියල එකක් තියෙනව. ඒ කියන්නෙ අපි අර සෙල්ලම් කරපු Jigsaw puzzle එකකින් කරන දේ නොවෙන්න වගබලා ගන්න ඕන කියන එක. ඒ කියන්නෙ කෑලි කෑලි පූට්ටු කරලවත් එවැනි වින්දිතයෙකුගේ අනන්‍යතාවය හොයාගන්න බැරි විදියට වාර්තා කිරීම.

    මොකෙක් හරි මාධ්‍ය වනචරයෙක් ගිහිල්ල ඇගේ පවුලේ කෙනෙක්, අසල්වැසියෙක්, ඇගේ පාසලේ කෙනෙක්, විශ්ව විද්‍යාලයේ කෙනෙක්, කලීග් කෙනෙක් වගේ ඉන්ටර්විව් කළොත් ඉවරයි. අන්න ඒවගේ ඒව කරන උන්ට තමා දඬුවම් කරන්න ඕන.

    කෑලි පූට්ටු කරලවත් ඒ වින්දිත කෙනාව හොයාගන්න එක නතර කරන්න ඕන. ඒකයි අනන්‍යතාව හෙළිනොකරනව කියන එකේ මූලධර්මය.

    (සටහන | උවිඳු කුරුකුලසුරිය)
    කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
    [email protected]

    (උපුටා ගැනීම – Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)


    මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here