අවතැන් කඳවුරුවලදී දරුවන් අපචාරවලට ලක්විය හැකි ආකාර:

    0
    43

    ගංවතුරෙන් පසු අවතැන් කඳවුරු වැනි අවිනිශ්චිත පරිසරයන්හිදී දරුවන් ලිංගික අපයෝජන සහ සූරාකෑම්වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී. එයට හේතු කිහිපයක් බලපායි:

    අධීක්ෂණයේ අඩුපාඩු: දෙමාපියන් සහ භාරකරුවන් වෙනත් ගැටළු (ආහාර, නවාතැන්, සෞඛ්‍ය) සමඟ කාර්යබහුල වන විට දරුවන් පිළිබඳ අධීක්ෂණය අඩුවිය හැක.

    ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම: ආරක්ෂිත වැසිකිළි, නාන ස්ථාන සහ නිදාගැනීමේ ප්‍රදේශ නොමැති වීම නිසා දරුවන් අනාරක්ෂිත විය හැක.

    විශ්වාසය දිනාගැනීම: අපචාරකරුවන් දරුවන්ගේ අසරණකම ප්‍රයෝජනයට ගනිමින්, ආහාර, සෙල්ලම් බඩු හෝ වෙනත් උපකාර ලබා දෙන බව පවසා ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන අපචාර සිදු කිරීමට උත්සාහ කළ හැක.

    ළමයින් නොදන්නා පුද්ගලයන්: කඳවුරු තුළ සිටින ඇතැම් අපචාරකරුවන් දරුවන්ට නුහුරු පුද්ගලයන් විය හැකි අතර, ඔවුන් දරුවන් නොමඟ යැවීමට උත්සාහ කළ හැක.

    දෙමාපියන්ගෙන් වෙන්වීම: දරුවන් දෙමාපියන්ගෙන් වෙන්ව තනිව සිටින අවස්ථාවලදී අපචාර අවදානම වැඩිවේ.

    අපචාරවලින් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

    ඔබගේ දරුවන් අපචාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් පියවර ඉතා වැදගත් වේ:

    නිරන්තර අධීක්ෂණය:

    දරුවන් තනිව නොතබන්න. හැකි සෑම විටම ඔවුන් ඔබගේ ඇස ගැටෙන මානයේ තබා ගන්න.

    විශේෂයෙන් වැසිකිළි, නාන ස්ථාන හෝ ආහාර බෙදන ස්ථාන වැනි ප්‍රදේශවලදී දරුවන් සමඟ සිටින්න. කුඩා දරුවන් කිසි විටෙක තනිව මෙවැනි ස්ථානවලට යැවීමට ඉඩ නොදෙන්න.

    “හොඳ ස්පර්ශය” සහ “නරක ස්පර්ශය” පිළිබඳ දැනුවත් කිරීම (වයසට සරිලන පරිදි):

    ඔවුන්ගේ ශරීරයේ “පුද්ගලික කොටස්” මොනවාදැයි කියා දෙන්න.

    යම් අයෙකු ඔවුන්ට අමුතු ආකාරයකින් ස්පර්ශ කිරීමට උත්සාහ කළහොත් “එපා” යැයි පවසා, එතැනින් ඉවත්වී, වහාම ඔබ වෙත පැමිණීමට ඔවුන්ට පුරුදු කරන්න.

    ඔවුන්ට යම් අපහසුතාවයක් දැනුණහොත් හෝ යම් දෙයක් සිදුවුවහොත් වහාම ඔබට පැවසීමට දිරිමත් කරන්න. ඔවුන්ට සවන් දී ඔවුන්ට සහයෝගය දෙන්න.

    දරුවන්ට නොදන්නා පුද්ගලයන් සමඟ යාම හෝ ඔවුන්ගෙන් ආහාරපාන, තෑගි හෝ මුදල් ලබා ගැනීමෙන් වළකින්නැයි කියා දෙන්න.

    පිටස්තරයන් සමඟ තනිව කතාබස් කිරීම හෝ විශ්වාස කිරීම සුදුසු නොවන බව කියා දෙන්න.

    සැක කටයුතු හැසිරීම් පිළිබඳව අවධානයෙන් සිටීම:

    කඳවුරේ සිටින යම් පුද්ගලයෙකු දරුවන් සමඟ අසාමාන්‍ය ලෙස හැසිරෙන්නේ නම් හෝ දරුවන් තනිව සිටින විට ඔවුන් ළඟට නිතර යනවා නම්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න.

    පොලිසියට හෝ බලධාරීන්ට දැනුම් දීම:

    දරුවන්ට සිදුවන ඕනෑම ආකාරයක හිරිහැරයක්, අපයෝජනයක් හෝ සැක සහිත ක්‍රියාවක් පිළිබඳව වහාම කඳවුරේ වගකිවයුතු නිලධාරීන්ට, පොලිසියට හෝ ළමා ආරක්ෂක ඒකකවලට දැනුම් දෙන්න.

    ඔබ විශ්වාස කරන වෙනත් වැඩිහිටියෙකුට හෝ ගුරුවරයෙකුට ද පැවසිය හැකිය.

    ආරක්ෂිත පහසුකම් භාවිතය:

    හැකි නම්, වැසිකිළි සහ නාන ස්ථාන වැනි පොදු පහසුකම් භාවිතා කරන විට දරුවන් කණ්ඩායම් වශයෙන් යොමු කරන්න හෝ වැඩිහිටි අධීක්ෂණය යටතේ යොමු කරන්න.

    Babeez LK

    උපුටා ගැනීම face book

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here