දුප්පත් දරුවන් වෙනුවෙන් මහපාරේ නිරුවත් වු විශිෂ්ට රංගවේදිනිය | උපාලි ජයසිංහ

    0
    39

    එයාගෙ නම අමන්දා !නැති බැරි පන්තිය වෙනුවෙන් මහපාරේ නිරුවත්වු ආදරණීය අමන්දා !ඔබ මේ මොහොත තුල සමාඡයේ ඉන්නෙ ඉතා ඉහල ස්ථරයක හා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ නම් ඔබ ඔබට මොනව දුන්නත් හන්දියක් මැද්දෙ නිරුවත් වෙනවද? ඒකත් අනෙකා වෙනුවෙන් ?

    එහෙම වෙන එහෙම කරන මිනිස්සු ලෝකෙ ඉන්නව හැබැයි අතේ ඇගිලි ගානටත් අඩුවෙන් එහෙම කෙනෙක් තමයි මේ අමන්දා !

    අමන්දා මැකිනන් ගයිමන් පාමර් සුප්‍රකට ඇමරිකානු ගායකාවක්, ගීත රචිකාවක් , සංගීතඥවරියක්, කතුවරියක් හා රංගන ශිල්පිනි‍යක් එමෙන්ම දැනෙන වෙනසක් කරන්න දෙපාරක් නොහිතන හරි අභිත ගැහැණියෙක්. ඇමෙරිකානු සමාජයේ ඇතැම් පසුගාමී අදහස්වලට නොබියව සමාජය මැදට විත් පහර දෙන්නියක්.

    ඇය 2015 අගෝස්තු මස 16 නිවියෝර්ක් මහජන පුස්තකාලය ඉදිරියේ නිරුවතින් පෙනී ඉන්නව . එවිටත් ඇය මාස 8 ක ගැබිණියකි. ඇගේ සිරුරේ එක් අර්ධයක් දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ අතර අනෙක් අර්ධයේ ගැබිණි කාන්තාවගේ සිරුරේ යථාර්තවාදීව හා ව්‍යුහවිද්‍යාත්මකව දරුවාගේ කලලය සිත්තම් කර තිබිණි. නිරුවත් අමන්දා පාමර් ගේ එක් අතක කඩුවක්ද අනෙක් අතේ කුඩා වයලීනයක්ද විය.

    ඇය සිය අසිපත තුලින් බලය හා මරණය සංකේතවත් කල අතර වයලීනය තුලින් ජීවිතය හා ආදරය සංකේතවත් කර තිබිණි. කුස තුල වැඩෙන මිනිස් ජීවියේ වර්ධනයට දායක වීමට මේ සමාජයට කැමති දෙයක් තෝරා ගත හැකි යැයි ඇය කියනවාක් වැන්න.

    අමන්දා මැකිනන් ගයිඩර් පාමර් මෙම නිර්භීත උත්සාහය ඉදිරිපත් කලේ නිවියෝක් නගරයේ දුප්පත් දරුවන් සියලු දෙනාටම අවශ්‍ය පොත් පත් ලබාදීම වෙනුවෙන් නිවියෝක් නගරවාසීන් පොළඹවීමටය. ඇය එය ඉදිරිපත් කරමින් සිටින විට ඇගේ දෙපා මුල පොත් කන්දක් නිර්මාණය වෙමින් පැවතිණි මුදල් වරුසාවක් ඇද හැලිනි.

    බ්‍රිතාන්‍ය මුර්තී ශිල්පී ඩේමියන් හර්ස්ට්ගේ ”ගැබිනි මාතාව ” නැමති නිවියෝර්ක් නුවර ඉදිකර ඇති සුප්‍රකට ලෝහ ප්‍රතිමාව ඇය අනුකරනය කර තිබිණි.

    එදිනම ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා Neil Gaiman සිය ටිවිටර් ගිනුමේ මෙසේ සටහන් කර තිබිණි” දැක්මක් සහිත මගේ කැපී පෙණෙන බිරිදට ජයම වේවා !

    සටහන : උපාලි ජයසිංහ ගේ මුහුණු පොතෙන් උපුටා ගැනුණි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here