මාතෘ මරණ අනුපාතය ලක්ෂයකට විසිපහක් ලෙස අඩු වෙලා

0
60

ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට විසිපහක් ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එය මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගෙන ඇති ජයග්‍රහණයක් බවත් එම අගය තවදුරටත් අවම කර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ වැඩබලන ආයතන ප්‍රධානී වෛද්‍ය ෆාරුක් කුරේෂී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරනු ලැබූ තෙදින මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව ඇසුරින් සකස් කරන ලද විශේෂ විද්වත් වාර්තාව අමාත්‍යවරයාට බාර දීම වෙනුවෙන් මෙම හමුව පවත්වා තිබේ.

ලෝක සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම අප්‍රේල් මස 7 වන දිනට යෙදී ඇති අතර මෙවර එම දිනයේ තේමාව සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් – බලාපොරොත්තු සහගත අනාගතයක් ලෙස යොදා ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here