ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තැඹිලි පැහැයෙන් හැඩවෙයි

0
19

මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විශේෂ සංකේතාත්මක ලාංඡන (badges) පැළඳවීම සිදු කෙරිණි.

එමෙන්ම, මෙම ව්‍යාපාරයට සිය සාමූහික සහයෝගය ප්‍රදර්ශනය කරමින් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද තැඹිලි පැහැති හෝ තැඹිලි වර්ණය මුසු වූ ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීම විශේෂත්වයක්‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here