‘කේට් බිෂොප් ‘ ලෙස හේලි ස්ටේන්ෆෙල්ඩ් යළිත් Avengers: Doomsday’ චිත්‍රපටයට

0
8

මාවල් ස්ටූඩියෝස් (Marvel Studios) සහ ඩිස්නි ඇනිමේෂන් (Disney Animation) ආයතන එක්ව පසුගිය ඉරිදා (22) ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ස්ටේන්ෆෙල්ඩ් පෙනී සිටින විශේෂ වීඩියෝවක් පළ කරමින් මේ බව නිවේදනය කළේය. ඇයගේ නවතම චිත්‍රපටය වන ‘Hexed’ හි ප්‍රවර්ධන කටයුත්තක් අතරතුර පටිගත කර ඇති එම වීඩියෝවේදී, “මම ඉන්නේ මගේ ‘Hexed’ චිත්‍රපටයත් එක්ක, නමුත් එයාලා වෙනත් චිත්‍රපටයක පුටුවක් මෙතැනට ගෙනත් වගෙයි” යනුවෙන් පවසමින් ඇයගේ නම සඳහන් අධ්‍යක්ෂකවරයෙකුගේ කළු පැහැති පුටුවක් පෙන්වයි.

ස්ටේන්ෆෙල්ඩ් මීට පෙර 2021 වසරේ විකාශය වූ ‘Hawkeye’ කතාමාලාවේදී ජෙරමි රෙනර් සමඟ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ අතර, 2023 වසරේ තිරගත වූ ‘The Marvels’ චිත්‍රපටයේ අවසන් ජවනිකාවකට (post-credits scene) ද එක් වූවාය. කේට් බිෂොප් යනු තමන් කුඩා කාලයේ සිටම දැකීමට ආශා කළ ආකාරයේ අධිෂ්ඨානශීලී, විනයගරුක සහ ඉලක්ක ජය ගැනීමට ඕනෑම අභියෝගයක් භාර ගන්නා චරිතයක් බවත්, එවැනි චරිතයක් නිරූපණය කිරීමට ලැබීම භාග්‍යයක් බවත් ඇය මීට පෙර ‘Variety’ සඟරාව සමඟ පවසා තිබුණි.

මේ අතර, මෑතකදී විකාශය වූ ‘VisionQuest’ කතාමාලාවේ අවසන් කොටසේදී එලිසබෙත් ඔල්සන් (Elizabeth Olsen) නිරූපණය කරන ‘ස්කාලට් විච්’ (Scarlet Witch) චරිතය ද මෙම චිත්‍රපටයට එක්වන බව තහවුරු කෙරිණි.

2022 ‘Doctor Strange in the Multiverse of Madness’ චිත්‍රපටයේදී කන්දකට යට වී මියගිය බවට සැලකුණු වන්ඩා මැක්සිමොෆ් (Wanda), රොබට් ඩව්නි ජූනියර් (Robert Downey Jr.) රඟපාන ‘ඩොක්ටර් ඩූම්’ (Doctor Doom) විසින් සුන්බුන් අතරින් බේරා ගන්නා අයුරු එම නව දර්ශනයේ ඇතුළත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here