ට්‍රම්ප්ගේ සංචාරක තහනම නිසා අප්‍රිකානු තරඟකාරිනියන් විශ්ව රූ රැජිණ තරඟාවලිය අතහැර දමන ලකුණු…

0
21

75 වැනි වරටත් පැවැත්වෙන විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා සිම්බාබ්වේ රාජ්‍යය නියෝජනය කිරීමට නියමිත රොසැන්නා හෝල් (Roseanna Hall), තමන්ට අමෙරිකාව බලා යාමට අවශ්‍ය සංචාරක අනුමැතිය ලබා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බව ප්‍රකාශ කළාය.

යැයි ඇය සඳහන් කළාය.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ, තවත් අප්‍රිකානු තරඟකාරිනියන් කිහිප දෙනෙකුම මෙම ගැටලුවට මුහුණ දී සිටින බව තමන් දන්නා බවයි.

මේ අතර, වීසා ලබා ගැනීමේ අපහසුතාව හේතුවෙන් සැම්බියාව නියෝජනය කිරීමට සිටි 25 හැවිරිදි පැමෙලා මුබංගා (Pamela Mubanga) තරඟාවලියෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ. සැම්බියාවේ විශ්ව රූ රැජින සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සැම්බියාව සහ අනෙකුත් අප්‍රිකානු රටවලට බලපාන ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සංචාරක සීමාවන් හේතුවෙන් ඇයට මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි. බීබීසී පුවත් සේවයට අනුව, තවත් අප්‍රිකානු රටවල් පහක තරඟකාරිනියන්ට මෙයින් බලපෑම් එල්ල වී ඇත.

දකුණු සුඩානය නියෝජනය කරන ඇමිලියා ඩෙං (Amylia Deng) ද තමන් තරඟාවලියට සහභාගී වීම අවිනිශ්චිත බව ඉඟි කර ඇත. දකුණු සුඩානය 2011 වසරේ ලොව නවතම රට බවට පත්වීමෙන් පසු විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා එරටින් ඉදිරිපත් වන පළමු නියෝජිතවරිය ලෙස ඇමිලියා ඩෙං ඉතිහාසයට එක්වන බවට විශ්ව රූ රැජින සංවිධානය මීට දින කිහිපයකට පෙර සුබ පැතුම් ද එක්කර තිබුණි.

මෙවර විශ්ව රූ රැජින තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් 24 වනදා අමෙරිකානු පාලනය යටතේ පවතින පුවර්ටෝ රිකෝ හි පැවැත්වීමට නියමිත අතර, තරඟකාරිනියන් ලියාපදිංචි වීම සඳහා නොවැම්බර් 8 වනදා සිට එරටට පැමිණෙමින් සිටිති.

කෙසේ වෙතත්, පසුගිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අංක 10998 දරණ ජනාධිපති ප්‍රකාශනය මගින් විදේශිකයන්ගේ ඇතුළුවීම සීමා කිරීම හේතුවෙන් මෙම සංචාරක කටයුතුවලට බාධා එල්ල වී ඇත. මෙම නියෝගය මගින් රටවල් 39 ක වැසියන්ට සහ පලස්තීන අධිකාරිය මගින් නිකුත් කරන ලද සංචාරක ලේඛන භාවිතා කරන පුද්ගලයින්ට වීසා නිකුත් කිරීම අත්හිටුවා හෝ සීමා කර ඇත.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇෆ්ගනිස්ථානය, බුරුමය, බුර්කිනා ෆාසෝ, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලාඕසය, ලිබියාව, මාලි, නයිජර්, සියෙරා ලියොන්, සෝමාලියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල් 19 ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.

එමෙන්ම ඇංගෝලාව, ඇන්ටිගුවා සහ බාබුඩා, බෙනින්, බුරුන්ඩි, කෝට් ඩි අයිවරි, කියුබාව, ඩොමිනිකාව, ගැබොන්, ගැම්බියාව, මලාවි, මොරිටානියාව, නයිජීරියාව, සෙනගල්, ටැන්සානියාව, ටෝගෝ, ටොංගා, වෙනිසියුලාව, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් 19 ක වැසියන් සඳහා වීසා නිකුත් කිරීම අර්ධ වශයෙන් අත්හිටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here