Nvidia නව නායකත්වයකට – තාවකාලික ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කොලෙට් ක්‍රෙස් පත් කෙරේ

0
24

සමාගම සඳහා ස්ථිර අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් 59 හැවිරිදි ඇය මෙම වගකීම දරනු ඇත. දශක තුනක කාලයක් පුරා හුවාන්ග්ගේ නායකත්වය යටතේ පැවති Nvidia සමාගම මුහුණ දෙන පළමු නායකත්ව සංක්‍රාන්තිය මෙය ලෙස සැලකේ.

ජෙන්සන් හුවාන්ග් සමාගම ඩොලර් බිලියන ගණනක අවදානම් සහගත කෘත්‍රිම බුද්ධි ආයෝජන වෙත යොමු කරද්දී, ඊට විරුද්ධව අදහස් පළ කළ එකම ඉහළ විධායක නිලධාරිනිය ලෙස ක්‍රෙස් ප්‍රකටය. විශේෂයෙන්ම OpenAI සහ Lambda වැනි සමාගම් වෙත සිදු කළ දැවැන්ත මූල්‍ය ආයෝජන සම්බන්ධයෙන් ඇය සහ ඇගේ කණ්ඩායම හුවාන්ග් සමඟ මතභේද ඇති කරගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

2013 වසරේදී Nvidia සමාගමට එක්වීමට පෙර Microsoft, Cisco සහ Texas Instruments වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම්වල සේවය කර ඇති ඇය, හුවාන්ග්ගේ ගැටුම්කාරී නායකත්ව ශෛලියට වඩා හාත්පසින්ම වෙනස්, සන්සුන් සහ ප්‍රායෝගික චරිතයක් ලෙස ක්ෂේත්‍රයේ පිළිගැනීමට ලක්ව සිටී.

හුවාන්ග්ගේ හදිසි ඉවත්වීමත් සමඟ බ්‍රහස්පතින්දා දිනයේදී Nvidia කොටස් මිල 14%කින් පහත වැටුණද, දිනය අවසානයේ එය 4.3%ක පසුබෑමක් ලෙස සටහන් විය.

සමාගම තුළ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ගනුදෙනුකරුවන් සහ සැපයුම්කරුවන් අස්වැසීමට ක්‍රෙස් මේ වන විටත් පියවර ගෙන තිබේ. ඇගේ පාලනය යටතේ Nvidia සමාගම අමෙරිකානු රජය සමඟ ගැටුම් ඇති කර ගැනීම වෙනුවට වඩාත් සුහදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි.

Nvidia සමාගමේ මීළඟ ස්ථිර ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා පහත සඳහන් ප්‍රබලයින්ගේ නම් මේ වන විට කරළියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අතර

  • ඉයන් බක් (Ian Buck)- Nvidia විධායක නිලධාරී
  • ලීසා සූ (Lisa Su)- AMD ප්‍රධාන විධායක නිලධාරිනී
  • රෙනේ හාස් (Rene Haas)- Arm ප්‍රධාන විධායක නිලධාරී යන පිරිසද වේ.


Nvidia නිල පුවත් නිවේදනය (Official Press Release): NVIDIA Announces CEO Transition

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here