ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කාන්තා සම්මේලනයේ 2026/27 වාර්ෂික මහා සභාව සාර්ථකව පැවැත්වෙයි

0
15

වසර 86ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මෙම සම්මේලනයේ නව සභාපතිනිය ලෙස තේරී පත් වූ වෛද්‍ය උදුලා ක්‍රිෂ්‍ණරත්න සඳහන් කළේ, මෙම සුවිශේෂී අවස්ථාව සම්මේලනයේ දැක්ම, කැපවීම සහ දායකත්වය තුළින් පදනම දැමූ පුරෝගාමී කාන්තාවන්ට ගෞරව දැක්වීමට ලැබුණු අගනා අවස්ථාවක් බවයි.

කාන්තාවන්ගේ අභිවෘද්ධිය, අධ්‍යාපනය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින්, විශ්වවිද්‍යාල කාන්තා පරපුරට නායකත්වය දීමට, සමාජයට සේවය කිරීමට සහ අර්ථවත් වෙනසක් ඇති කිරීමට සම්මේලනය අඛණ්ඩව කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවා ය.

  • සභාපතිනිය: වෛද්‍ය උදුලා ක්‍රිෂ්ණරත්න
  • හිටපු සභාපතිනිය: ඉංජිනේරු ලක්මිණී නෝනිස්
  • උප සභාපතිනියන්: රුක්මණී සමරනායක සහ වෛද්‍ය ෂෙවන්ති ප්‍රනාන්දු
  • ජාත්‍යන්තර සබඳතා සම්බන්ධීකාරක: මහාචාර්ය මහේෂා කපුරුබණ්ඩාර
  • ලේකම්: නිලුපිකා විජේතුංග
  • භාණ්ඩාගාරික: දර්ශනී පෙරේරා
  • මාධ්‍ය සහ ප්‍රචාරක නිලධාරිනී: අංජලී ගමගේ
    උප ලේකම්: දර්ශනී වටවල
  • සහකාර භාණ්ඩාගාරික: දේවිකා පනාගොඩ
  • කාරක සභා සාමාජිකාවන්: ඉන්ද්‍රා පුවිමානසිංහ, ඉන්දිරා සමරසිංහ , නේලියා ප්‍රනාන්දු, ශ්‍යාමිනී බාලසූරිය, වෛද්‍ය නිර්මලී ද සිල්වා, වෛද්‍ය මේධා ද අල්විස්, නිර්මලා ඒකනායක.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කාන්තාවන් අතර අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, කාන්තාවන් බලගැන්වීම, වෘත්තීය සහ අධ්‍යයන ජාලයන් ශක්තිමත් කිරීම මෙන්ම සුහදතාව වර්ධනය කිරීමේ දීර්ඝකාලීන මෙහෙවර ඉදිරියට ගෙනයාම මෙම නව නිලධාරී මණ්ඩලයේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here