එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ 17 වන පාර්ශ්වකරුවන්ගේ සමුළුව (COP17) අමතමින් ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනී සහ පරිසර ක්‍රියාකාරිනී මිෂෙල් දිල්හාරා සුවිශේෂී දේශනයක් සිදු කර තිබේ. ජාත්‍යන්තර පරිසර සංරක්ෂණ ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය දැක්වූ අදහස් මේ වන විට ජාත්‍යන්තර නියෝජිතයන්ගේ සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
ගෝලීය පරිසර සංරක්ෂණය සහ ජෛව විවිධත්වය සුරැකීම වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් බවට පත්ව තිබේ. මෙවැනි පසුබිමක පැවැති එක්සත් ජාතීන්ගේ COP17 ජෛව විවිධත්ව සමුළුව ඇමතූ මිෂෙල් දිල්හාරා, තිරසාර අනාගතයක් වෙනුවෙන් තරුණ පරපුර සක්‍රියව දායක වීමේ අවශ්‍යතාව අවධාරණය කළා ය.
“We need heroes, not followers”
ඇය ඉදිරිපත් කළ “අපට අවශ්‍ය කරන්නේ අනුගාමිකයන් නොව, වීරයන් ය” යන ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාව අතර ප්‍රබල සංවාදයක් නිර්මාණය කිරීමට සමත් විය. නායකත්වය සහ තීරණ ගැනීමේ හැකියාව සහිත තරුණ පරපුරක් පරිසර අභියෝග ජය ගැනීම සඳහා පෙරමුණ ගත යුතු බව ඇය එහිදී පෙන්වා දුන්නා ය.
පැය 24ක් තුළ හිමිවූ ජාත්‍යන්තර ප්‍රතිචාර
එම දේශනය සිදු කර ගතවූ පැය 24ක කෙටි කාලය ඇතුළත, දහසකට අධික පිරිසක් ඇගේ අදහස් ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගනිමින් සහය පළ කර තිබේ. විවිධ රටවල රාජ්‍ය නියෝජිතයන්, පරිසර වේදීන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් ඇගේ මෙම ප්‍රකාශය අගය කරමින් අදහස් දක්වා ඇත.
රංගන ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී ජාත්‍යන්තර මට්ටමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් හඬක් නැගීමට ඇය දැක්වූ දායකත්වය පැසසුම් කටයුතුය. ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් කුඩා රටක් වුවද, ජාත්‍යන්තර වේදිකාවන් හි මෙවැනි ප්‍රබල තරුණ කාන්තා නායකත්වයක් ප්‍රකාශයට පත් කිරීම සමස්ත රටටම කෙරෙන ගෞරවයක් ද වන්නේය.
සටහන | කල්පනී ෂමල්කා




