කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවක් සම්බන්ධයෙන් 20 හැවිරිදි මවක් එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට

0
16

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවක් සම්බන්ධයෙන් 20 හැවිරිදි කාන්තාවක් එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 31 වන දින මෙම අනුකම්පා විරහිත පහරදීමේ වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම, ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ එඬේරමුල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් එදිනම සැකකාරිය අත්අඩංගුවට ගෙන දරුවා ආරක්ෂිතව තම භාරයට ගැනීමට පියවර ගන්නා ලදී.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාර මව විසින් වයස අවුරුදු 1 යි මාස 5 ක කුඩා දරුවාට පහර දී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 28 වන දින බවයි. මේ වන විට දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, සැකකාරිය සහ දරුවා සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here