BBDO Group Sri Lanka හි සහකාර උප සභාපතිනි සහ සේවාදායක සේවා අධ්යක්ෂිකා (Associate Vice President and Client Servicing Director) වාජිනී මහානාම, ‘Campaign Asia-Pacific’s Women to Watch 2026’ කලාපීය ඇගයීම් ලැයිස්තුවට තේරී පත්ව තිබේ.
දැන්වීම්කරණ ක්ෂේත්රය තුළ ඇය විසින් උපයාගන්නා ලද ව්යාපාරික වර්ධනය, සේවාදායකයින් සමඟ ගොඩනගාගත් විශ්වාසනීය සම්බන්ධතාවය සහ වගකීම් සහගත නායකත්වය අගය කරමින් මෙම ගෞරවය හිමිව ඇත. ආසියා-පැසිෆික් කලාපයේ වෙළෙඳපොළවල් 12 කින් තෝරාගත් විශිෂ්ටතම කාන්තාවන් 25 දෙනෙකු අතරට මෙවර ඇය ඇතුළත්ව ඇත. වසර 14 ක් පුරා පවත්වාගෙන එන මෙම සම්මාන උළෙලේදී, වසර 15 කට වැඩි අත්දැකීම් ඇති වාජිනී මහානාම ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාජීය සහ ව්යාපාරික සන්නාම (Eva, Atlas Sipsavi වැනි) සාර්ථකව මෙහෙයවීම විශේෂත්වයකි.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් BBDO Group Sri Lanka හි විධායක සභාපති තයාලන් බාර්ට්ලට් (Thayalan Bartlett) සඳහන් කළේ, වාජිනීගේ මෙම නායකත්වය ශ්රී ලාංකේය දක්ෂතාවය කලාපීය මට්ටමින් ඔප්පු කිරීමක් බවයි. ඉන්දියාවේ Times Women ආයතනය මගින් සංවිධානය කළ ‘Women Icon Awards’ හි ‘Outstanding Leadership in Advertising’ අංශයෙන් ද සම්මානයෙන් පිදුම් ලැබූ එකම ශ්රී ලාංකිකයා වන්නේද ඇයයි.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය Dailynews.lk




